Posts

ආදරය...

Image
“ඔබ එතකොට යනවනෙ? හෙට යනව. එතකොට හෙට ඔබ නෑ. ඔබ ඉන්නෙ අද විතරයි. අද දවස හමාර වුණාම හෙට දවස. අදත් හෙටත් දෙකම එකයි. අද අපි දෙන්න ඉන්නව. හෙට මම විතරයි. හෙටත් අනිද්දටත් කවදටත් මම විතරයි. මොකක්ද වෙනස? අද වගෙම හෙටත් කවුරුත් නැගිටිනව. කනව. බොනව. වැඩට යනව. කතා බහ කරනව. මාත් මේ ඔක්කොම කරනව. ඒත් මම විතරයි. ඔබ නෑ.” සැබෑ පෙම්වතුන් කිසි දාක එක් නොවේ එක් වූ කිසිවෙකුත් සැබෑ පෙම්වතුන් ලෙස ජිවත් නොවේ. වෙන් වී ගියවුන් සදා කල් පෙම්වතුන් ලෙසම ජිවත් වේ. ලූෂන් බුලත්සිංහල .

ලෙඩ වීම

මිනිස්සු හිතෙන්නේ  (මාත් ඇතුළුව) හැමදාම නොමැරී ඉන්නව ලෙඩ හැදෙන්නේ නෑ කියල. ඒත් ඉස්පිරිතාලේ ඉදං කවුරුහරි බලං හිටියොත් පේනව මිනිස්සු යන එන හැටි. බොහොම තරුණ වයසේ ඉදං ජීවිතේ අග්ගිස්ස දක්වාම අය ඉන්නව විවිධ ලෙඩ හැදිල. අලුත් බෙහෙත් ප්‍රතිකාර ක්‍රම නිසා මිනිස්සු නොමැරී ජීවත් වෙනව. ඒත් වෙලාවකට ඉක්මන් මරණය හොඳයි කියල හිතෙනව. මේ කියන්නේ ඒ වගේ කෙනෙක් ගැන. ඔහුට වයස දාහතයි, ඒත් හැමෝටම ඌව පේන්නේ පොඩි එකෙක් වගේ, මොකද පොඩි  කාලේ ඉදංම්ම මේ කොල්ල වාට්ටුවේ. ලෙඩේ හැදුනම ඇගේ ලේ හැදෙන්නෙ නෑ. ජීවිතේම ලේ දීමක් තමා. ඇගේ විසර ගෙඩි ආවත් හොද වෙන්ට සුදු රුධිර සෛල නෑ. ඉතින් බෙහෙත් ලේ දීමනිසා මැරෙන්නේ නෑ, ඒත් මුළු ඇගම වණයක් වුනත් හොඳ වෙන්නෑ. ජීවිතේ සහ මරණය දෙකම අහිමි වෙන්නේ එහෙමයි.

සීයා යකා ගහල මැරුණා....

Image
ඉස්සර කාලේ ගම්වල මිනිස්සු හිටිය. ගහක් ගලක් වගේ හිටපු මිනිස්සු කුඹුරක් කොට කොට ඉද්දි එකපාරටම ඉසේරදයක් ඇවිත් ගහක් යට වාඩි වෙනව ටික වෙලාවකින්  සිහිය නෑ නහයෙන් කටින් සෙම එනව අත පය දරදඩු වෙලා මලමුත්තරා ගිහින්. ඉතින් වැඩි දවසක් ඉන්නෙ නෑ මැරිලා යනව. තව සමහරු හොයාගද්දිම මැරිල. තව සමහරුන්ට මීමැස්මොරේ හැදෙනව මේ කතාවටම. තවත් අයගේ පවුලේ අයටත් මෙහෙම වෙනව. දැන්නං මේ ඔක්කොම අපිට හම්බෙනව සීටී ඉස්කෑන් කොරන්ට ආවම. ඉස්කෑන් කොලාම මොලේ සුදු වෙලා ලේ ගලල. සමහරු ගොඩ යනව ඔපරේෂන් කරල සමහරුන්ට ඔපරේෂන් කරන්නේ නෑ(ගොඩක් අය මේ ගොඩේ) තව සීමිත පිරිසක් මැරෙනව. ගොඩක් වෙලාවට මේවට හේතුව පැෂර් එක වැඩි වීම. ටික දෙනෙක්ගේ නහරවල තැන් තැන් තුනීවෙලා ඒව පුපුරල ලේ ගලනව. වයසක අයගේ දවස් ගානක් තිස්සේ ටික ටික ලේ ගලනව. එතකොට ඉස්සර නං කියන්නැති "අනේ අපෙ අත්තම්මා හොඳට උන්නා ටික ටික ලෙඩ ඇදට වැටුනා ඊට පස්සේ මැරුණා"කියල. නව තාක්ෂණයත් එක්ක හොයාගත්ත  යකා ගැසීමට එක හේතුවක් තමා ඔය. ඒ නිසා පැෂර් එක යනු වලක්වා ගත හැකි දන්න යකෙකි!

හදවත සහ උණ්ඩුකපුච්ඡය - Appendicitis vs heartattack

Image
ආදරයේ වේදනාව හිතට දැනුන යම් අතීතයේ දවසක සේකරගේ නොමියෙමි අස්සක තිබී හමුවිය. සම්පූර්ණ කවිපොත් කියවීම කවදාවත් කරනැති නිසා සම්පූර්ණ කතාව මතක නැතත් නොමියෙමි කතා නායකයා රෝහල්ගත වී පිස්සෙක් වගේ මෝඩ කතා සහ ගැඹුරු කතා ගොඩක් කියවූ වග මතකය. ඒවා මෝඩකතා වන්නේ මට ඔහු කියා ඇති ලෙඩ ලැයිස්තුව තේරෙන නිසාදැයි නොදනිමි. එකදාස්නවසිය බර ගණං වල රෝගියාට වඩා දැන් රෝගියා දන්නා දේ වැඩිදැයි මම නොදනිමි. කෙසේ වෙතත් සේකර එක්කෝ වෙදෙක්ගෙං ලෙඩ අහගෙන හෝ පොතකින් ලැයිස්තුවක් බලාගෙන කෙලවරක් නැති ලෙඩ ගොඩක් ලියා ඇත. ඒ අතර අයිටිස් සෙට් එකද ඇත. වෙදකමේ ඕනෑම ඇගේ කෑල්ලකට වගේ -itis ප්‍රත්ය එකතු කලවිට ඒක ඒ  කෑල්ලේ ප්රදාහය හෙවත් inflammation තත්වය බවට හැරේ. (Inflammation ගැන හිතුනොත් වෙලාවක ලියමි) ඒ අනුව තේරෙන කෑලි ටිකක් ගත්තොත්, Appendix - උණ්ඩුකය Cholecyst - පිත්තාශය Hepato - අක්මාව සම්බන්ධ Cyst - මුත්‍රාශය Appendicitis Cholecystitis Hepatitis Cystitis යන ලෙඩ ටික නිමැවේ. සේකර මේවගේ rhyme වෙන හෙවත් අනුනාද වෙන (?) ප්රත්ය ටිකකින් පිටු තුනක විතර ලෙඩ ලිස්ට් එකක් දමා ඇත. ඒකේ ලෝකේ නැති ලෙඩ දමා තිබී මාත් සමහර ඒවා Go

මැරෙන්නේ කොහොමෙයි?

Image
පිළිකාවකින් මනුස්සයෙක් මැරෙන්නේ කොහොමද? මේක මට ඒ දවස් වල තිබිච්ච ප්‍රශ්නයක්. හැමෝම වගේ මාත් දැනං හිටියට මිනිස්සු මැරෙනව පිළිකා වලින් කියල මැරෙන විදිය දැනං හිටියේ නෑ.

කොරහේ කිඹුල්ලු දැකීම - Medical Student Syndrome

Image
        Armand Trousseau රෝගයක් විනිශ්චය කරන්ට නැත්තං Diagnosis කරන්ට ලෙඩ්ඩු කියන කතාව ගොඩක් වැදගත් වෙනව. ලෙඩා කියන ප්‍රශ්න වලට Symptoms කියනව  අපි පරික්ෂා කරාම හම්බෙන රෝග ලක්ෂණ වලට signs කියනව. ඒ කාලේ සුද්දන්ට පුදුමාකාර ලෙඩක් තිබිල තියනව ඒක එක ඒවට තමංගේ නම දාගන්ට. ඇත්තටම සමහර එව ඒ මිනිස්සු මියගියාට පස්සේ ගෞරවේට දාපුවා, ඒත් ගුද මාර්ගයේ තියන කොටස් වලට, ලිංගික අවයව වල කොටස් වලටත් සුද්දන්ගේ නම් තියනව. ඒක මහ විහිළුවක් ඒත් ඒක තාමත් සිද්ද වෙනව, ඒත් නැත්තටම නෑ වගේ. දැන් අවයව වල කොටස් වලට නං ඒ නම්කෑලි නැති විද්‍යාත්මක නම තමයි පාවිච්චිය වැඩි. ඒත් රෝග ලක්ෂණ වලට නං තවමත් ඒව සුලබව පාවිච්චි වෙනව. මේව වෙලාවකට වැඩක් නෑ විභාග වලට හැර. වෙලාවකට ඒක කරදරයක්. උදාහරණයක් කීවොත් හෘද කපාටයක එක ලෙඩකට ඔය වගේ නං දාපු රෝග ලක්ෂණ 10 කටත් වඩා තියනව. මේව කරදර වුනාට මං ඉගෙනගන්න කාලේ ඒව වටේ කියවිල්ල, ඒව හොයාගත්ත අය ගැන කියවිල්ල  කම්මැලිකමට හොඳ වැඩක් වුනා. රෝග ලක්ෂණ තුනේ, පහේ වගේ ගොනු වශයෙනුත් සමහර දේවලට තියනව. මේවත් මතක තියාගන්ට ලේසි කරන දේවල්. මේ ඔක්කොම කියන්ට හිතුනේ මගෙම කකුලේ තිබිච්ච පැල්ලමක් දැකල.

හෙම්බිරිස්සාවෙන් පෙලෙමින් පොත් කියවීම

Image
" Feels like my head is going to blast. I have a mild temperature and a miserable cough. Breathing is little bit difficult. Bad sore throat and headache kills me. Temporal arteries are pulsating in the usual common cold pattern. This is the most common infection in the world. It is caused by a viruses and the most common virus is the Rhinovirus. Rhino comes from Greek/Latin which is the for nose" හෙම්බිරිස්සාව කියන්නේ හැමෝම කියන භයානක නැතත් මහ කරදරකාරී ලෙඩක් කියල හැමෝම කියනව. හැබැයි ඒ මොනව හරි ජරාවක් කාල බඩේ අවුලක් වෙනකං විතරයි. දවසට දහ පාරක් විතර එකම දේ කරන්ට වෙන එක එපා වෙන වැඩක් වෙනව, කැක්කුම ඉවසං නිදාගන්ටවත් වෙන්නේ නෑ. ඊලඟ ඇමතීම එනකොට දුවන්ටම වෙනව. හැමදේම පාහේ සාපේක්ෂ වන්නේ එහෙමයි. හෙම්බිරිස්සාවෙන් අකර්මණ්‍ය වෙලා කලින් ගෙදර ඇවිත් ඇඳට වෙලා පොතක් කියවන්ට පටන්ගත්තා. මේකෙ මුල තියන්නේ මාස ගානකට කලින් හෙම්බිරිස්සාවෙන් දුක්විඳිද්දි ලියන්ට අල්ලපු එකේ කොටය. මිනිස්සු යමක් ගැන දැනගත්තම ඒක ඔලුවට එන එක නිරායාසයෙන්ම වෙනව. හෙම්බිරිස්සාව උණ හැදෙන විදිය, රෝග ලක්ෂණ ඇතිවෙන