Posts

Showing posts from June, 2017

අප්පච්චි

Image

JVP අපිට එපා.....

Image
අපේ කතා බහේ JVP කියන්නේ Jugular venous pressure වලට. මේක එච්චර ගැජට් නොතිබ්බ ඉස්සර කාලේ වගේම දැනුත් සායනිකව වැදගත්. මේකෙන් රෝගියෙක්ගේ හදවත ගැනත් ඇඟේ ඇති තරල ප්‍රමාණය ගැනත් වැදගත් තොරතුරු දැනගන්ට පුළුවන්. ඒත් මේ කියන JVP එක හැමෝම දන්න දේශපාලන JVPයි. දේශපාලනය කවදාවත් මගේ කැමැත්තක් තිබ්බ එකක් නෙවේ. ඒත් මේක  ලියන්න හිතුනේ පසුගියදා JVP රතුතරුවේ ගංවතුර සහනයකට ගියාට පස්සේ. මං ඉපදෙද්දී JVP කරදර වලින් නූලෙන් බේරුන නිසා ඒකේ අතීතේ ගැන හොඳට දන්නේ නෑ. ඒත් සාරාංශ වශයෙන් ආණ්ඩුව සහ JVP ගැටුමෙන් අප්රසන්න බියකරු යුද්ධයක් තිබ්බ වගත්, බොහෝදෙනා මැරුණ වගත්, JVP සහ හමුදාවේ නාමෙන් ඕන කෙනෙකුට මිනී මරන්ට පුළුවන් බවත් මං දන්නව. ඉතින් ඊට පස්සේ JVP කීවම මතක් වුනේ යටිගිරියෙන් කෑගහන විමල්, පඩි නැතුව ටික දවසක් ඇමතිකම් කරපු කතාව. ඒත් කවදාවත් JVP හරිහමන් බලයක් ගත්තෙ නෑ කියල මතකයි.
ඉතින් මේ වෙනකං රතු තරුව කියල එකක් තිබ්බ කියලවත් මං දැනන් හිටියෙ නෑ. ඒත් මේ ගංවතුර සහන වැඩසටහනට යද්දී මගදීම කොටසක් පෙනුනා.
විවිධ වයස් මට්ටං වල මිනිස්සු රතු තරුවක් ගහපු බැනියමක් ඇදන් බරටම වැඩ.
ගෙවල් දොරවල් කඩ හෝදනව, කුණු අදිනව.
කොහොම හරි අපේ වැඩ ඉවර ව…

Screenshots - ස්ක්‍රීන් ෂොට්ස්

Image
ඉස්සල්ලම මට Screenshot (මෙතැන් පටන් SS) හම්බෙන්නෙ කොම්පියටරේ.
කී බෝඩ් එකේ ඊතල වලට ටිකක් උඩින් තියන යතුරක්.
පොඩිම කාලේ නං මේක මොනවට තියනවද කියල දැනන් හිටියේ නෑ, පස්සෙ දැනගත්තත් මේකෙ ප්‍රයෝජන තේරුනේ නෑ.
ඊට පස්සෙ film වල කෑලි ගන්ට ඕන වුනා. ඒත් SS වැඩියෙන්ම පාවිච්චි වුනේ ස්මාර්ට් ෆෝන් එකක් ගත්තට පස්සේ. කියවන පොත් වල ලිපි වල, බලන රූප වල කෑලි අමතක නොවෙන්ට මේක වැදගත් වුනා.
බොරුවට තඩි ආටිකල් බාගන්නවට වඩා ඒක ලේසි නිකං මෙමරි ඉවර වෙන්නෙ නෑ.
ඉතින් මං ඉගෙන ගන්න ඒවත් අනික් එක එක ජාතිත් එකතු කරගන්ට පහසුවක් වුනා ඒක. මුල්ම ජංගම දුකේ Soft key එකක් තිබීම පහසුවක් වුනා.
පස්සෙ පස්සේ කියවන වැදගත් වගු වගේ කොටස් පාට කරලම SS ගහපුවම කෙලින්ම Flashcard එකක් විදියට පාවිච්චි කරන්ට පුළුවන්. ඉතින් ඉගෙනගන්න කෙනෙක්ට මේ පොඩි තාක්ෂණය සෑහෙන පහසුවක් කරගන්ට පුළුවන්. බලමු මොනවද ගැලරියේ ඇති SS කියල.

Rush...

Image
We rushed to the ER.
It was busy as usual, there were some patients on spinal boards, a transferred patient with head bandaged which appeared like a mess of bandages - spot diagnosis of trauma, a CPR, and on the illuminator there was a classic biconvex EDH. And there was me with my close patient. This place was familiar to me.
I can remember 3 close patients for whom I were here.
Those moments are the most difficult for us, not that we don't care other patients, but these ones are our personal relations, with whom we grew for decades.
And we sometimes have to make decisions about them.
At first we have to understand that this is a bad pathology, which will have poor prognosis.
And then we have to explain that to the kin who are totally alien to these matters, waiting with wet eyes and hopes.
When it comes to so called ethical dilemmas, which are anyway dilemmas, they comes with added weight the "close - own" part. These are helpless moments, a cancer surgeon can not save his moth…

සියදිවි නසාගැනීම

Image
අද උදේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්ගේ සියදිවි නසාගැනීමක photo ගැන විවිධ මතවාද පැතිර යනු දුටිමි. ඒවා සමහරක්  ඉතා පහත් මට්ටමේ උපකල්පන සහ අර්ථකථනයන්ය.
මේ අතර බොහෝ දෙනා නිවැරදි පැහැදිලි කිරීම් කර ඇති බවද දුටුවෙමි. එබැවින් සහ කම්මැලි කමට කෙටි ලිපියක් ලියමි.

සියදිවි නසාගැනීම නූතන වෛද්‍ය විද්‍යාවට අනුව සිදුවන ප්‍රධාන ක්‍රම දෙකක් සිතිය හැක.
1.හදිසි තීරණ - උදා - හදිසි තරහට කෝච්චියට පැනීම.

2. මානසික රෝග නිසා - විෂාදය(depression), ද්විභින්න උන්මාදය  ( schizophrenia)

මේවාට සම්බන්ධ තවත් කොටසක් නම් සියදිවි නසාගැනීමට උත්සාහ කිරීම් (suicide attempts)ය, මෙවා පුද්ගලයා හිතාමතා කරන ඒවා හෝ සියදිවි නසාගැනීමට පෙර බේරාගත් ඒවාය.

මේ අංක 1 කොටසේ අවසානය භයානක විය හැක්කේ පාවිච්චි කරන ක්‍රමය  මතයි. මේ උදාහරණයේ කෝච්චි ක්‍රමය වැනි ඒවායේ ආපසු හැරීම් බේරාගැනීම් නැත. ඒත් බෙහෙත් පෙති බීම වැනි දේ කරන රෝගීන් තරහ නිවුනු පසු ජීවිතය ඉල්ලයි.
මේ අයටත් මානසික රෝග හෝ පෞරුෂයත්ව වෙනස්කම්  (personality problems) තිබිය හැක.

දෙවනි කොටසට අයත් අයයි බහුලම. මේ මියගිය අයට වෙන ප්‍රශ්න වලට හැමෝම මැරෙන්ට යන්නේ නැත. එහෙම වුනා නං ඔබත් මාත් මෙලාට මැරිලාය.
ම…

ගවාන්දේ දුටු ඇමරිකන් සෞඛ්‍ය

Image