Posts

Showing posts from October, 2017

හදවත සහ උණ්ඩුකපුච්ඡය - Appendicitis vs heartattack

Image
ආදරයේ වේදනාව හිතට දැනුන යම් අතීතයේ දවසක සේකරගේ නොමියෙමි අස්සක තිබී හමුවිය. සම්පූර්ණ කවිපොත් කියවීම කවදාවත් කරනැති නිසා සම්පූර්ණ කතාව මතක නැතත් නොමියෙමි කතා නායකයා රෝහල්ගත වී පිස්සෙක් වගේ මෝඩ කතා සහ ගැඹුරු කතා ගොඩක් කියවූ වග මතකය. ඒවා මෝඩකතා වන්නේ මට ඔහු කියා ඇති ලෙඩ ලැයිස්තුව තේරෙන නිසාදැයි නොදනිමි. එකදාස්නවසිය බර ගණං වල රෝගියාට වඩා දැන් රෝගියා දන්නා දේ වැඩිදැයි මම නොදනිමි. කෙසේ වෙතත් සේකර එක්කෝ වෙදෙක්ගෙං ලෙඩ අහගෙන හෝ පොතකින් ලැයිස්තුවක් බලාගෙන කෙලවරක් නැති ලෙඩ ගොඩක් ලියා ඇත. ඒ අතර අයිටිස් සෙට් එකද ඇත. වෙදකමේ ඕනෑම ඇගේ කෑල්ලකට වගේ -itis ප්‍රත්ය එකතු කලවිට ඒක ඒ  කෑල්ලේ ප්රදාහය හෙවත් inflammation තත්වය බවට හැරේ. (Inflammation ගැන හිතුනොත් වෙලාවක ලියමි) ඒ අනුව තේරෙන කෑලි ටිකක් ගත්තොත්, Appendix - උණ්ඩුකය Cholecyst - පිත්තාශය Hepato - අක්මාව සම්බන්ධ Cyst - මුත්‍රාශය Appendicitis Cholecystitis Hepatitis Cystitis යන ලෙඩ ටික නිමැවේ. සේකර මේවගේ rhyme වෙන හෙවත් අනුනාද වෙන (?) ප්රත්ය ටිකකින් පිටු තුනක විතර ලෙඩ ලිස්ට් එකක් දමා ඇත. ඒකේ ලෝකේ නැති ලෙඩ දමා තිබී මාත් සමහර ඒවා Go

මැරෙන්නේ කොහොමෙයි?

Image
පිළිකාවකින් මනුස්සයෙක් මැරෙන්නේ කොහොමද? මේක මට ඒ දවස් වල තිබිච්ච ප්‍රශ්නයක්. හැමෝම වගේ මාත් දැනං හිටියට මිනිස්සු මැරෙනව පිළිකා වලින් කියල මැරෙන විදිය දැනං හිටියේ නෑ.

කොරහේ කිඹුල්ලු දැකීම - Medical Student Syndrome

Image
        Armand Trousseau රෝගයක් විනිශ්චය කරන්ට නැත්තං Diagnosis කරන්ට ලෙඩ්ඩු කියන කතාව ගොඩක් වැදගත් වෙනව. ලෙඩා කියන ප්‍රශ්න වලට Symptoms කියනව  අපි පරික්ෂා කරාම හම්බෙන රෝග ලක්ෂණ වලට signs කියනව. ඒ කාලේ සුද්දන්ට පුදුමාකාර ලෙඩක් තිබිල තියනව ඒක එක ඒවට තමංගේ නම දාගන්ට. ඇත්තටම සමහර එව ඒ මිනිස්සු මියගියාට පස්සේ ගෞරවේට දාපුවා, ඒත් ගුද මාර්ගයේ තියන කොටස් වලට, ලිංගික අවයව වල කොටස් වලටත් සුද්දන්ගේ නම් තියනව. ඒක මහ විහිළුවක් ඒත් ඒක තාමත් සිද්ද වෙනව, ඒත් නැත්තටම නෑ වගේ. දැන් අවයව වල කොටස් වලට නං ඒ නම්කෑලි නැති විද්‍යාත්මක නම තමයි පාවිච්චිය වැඩි. ඒත් රෝග ලක්ෂණ වලට නං තවමත් ඒව සුලබව පාවිච්චි වෙනව. මේව වෙලාවකට වැඩක් නෑ විභාග වලට හැර. වෙලාවකට ඒක කරදරයක්. උදාහරණයක් කීවොත් හෘද කපාටයක එක ලෙඩකට ඔය වගේ නං දාපු රෝග ලක්ෂණ 10 කටත් වඩා තියනව. මේව කරදර වුනාට මං ඉගෙනගන්න කාලේ ඒව වටේ කියවිල්ල, ඒව හොයාගත්ත අය ගැන කියවිල්ල  කම්මැලිකමට හොඳ වැඩක් වුනා. රෝග ලක්ෂණ තුනේ, පහේ වගේ ගොනු වශයෙනුත් සමහර දේවලට තියනව. මේවත් මතක තියාගන්ට ලේසි කරන දේවල්. මේ ඔක්කොම කියන්ට හිතුනේ මගෙම කකුලේ තිබිච්ච පැල්ලමක් දැකල.

හෙම්බිරිස්සාවෙන් පෙලෙමින් පොත් කියවීම

Image
" Feels like my head is going to blast. I have a mild temperature and a miserable cough. Breathing is little bit difficult. Bad sore throat and headache kills me. Temporal arteries are pulsating in the usual common cold pattern. This is the most common infection in the world. It is caused by a viruses and the most common virus is the Rhinovirus. Rhino comes from Greek/Latin which is the for nose" හෙම්බිරිස්සාව කියන්නේ හැමෝම කියන භයානක නැතත් මහ කරදරකාරී ලෙඩක් කියල හැමෝම කියනව. හැබැයි ඒ මොනව හරි ජරාවක් කාල බඩේ අවුලක් වෙනකං විතරයි. දවසට දහ පාරක් විතර එකම දේ කරන්ට වෙන එක එපා වෙන වැඩක් වෙනව, කැක්කුම ඉවසං නිදාගන්ටවත් වෙන්නේ නෑ. ඊලඟ ඇමතීම එනකොට දුවන්ටම වෙනව. හැමදේම පාහේ සාපේක්ෂ වන්නේ එහෙමයි. හෙම්බිරිස්සාවෙන් අකර්මණ්‍ය වෙලා කලින් ගෙදර ඇවිත් ඇඳට වෙලා පොතක් කියවන්ට පටන්ගත්තා. මේකෙ මුල තියන්නේ මාස ගානකට කලින් හෙම්බිරිස්සාවෙන් දුක්විඳිද්දි ලියන්ට අල්ලපු එකේ කොටය. මිනිස්සු යමක් ගැන දැනගත්තම ඒක ඔලුවට එන එක නිරායාසයෙන්ම වෙනව. හෙම්බිරිස්සාව උණ හැදෙන විදිය, රෝග ලක්ෂණ ඇතිවෙන

පොත් කියවිල්ල

Image
වෙදකම ඉගෙනගන්න කාලේ එක්තරා ගුරුවරයෙක් කියපු කතාවක් තිබ්බා. "Usually IQ of a average medical student is higher,...... They are usually nerds. They love book big books. When they see a big book they feel like hugging it and cuddling like a baby" ඒ කියන්නේ තඩි පොත් වලට තියන කෑදරකම ආදරණීය මානසිකත්වය වෙද්දු අතර සුලබයි කියන එකයි. මේක හැමවිටම සත්‍ය නෑ. මේ කතාව අහපුවම මට හිතුනේ මට නම් ඒක ඇත්ත කියල. අත්‍යවශ්‍යම නැතත් ඊළඟ මට්ටමේ තඩි පොතක් හරි තියන ලොකුම පොතක් හොයන් බලන එක මාර ගති. ඒක මතක හිටියේ නැතත් හිතට හොඳ ගැම්මක් එනවා. මං හිතන්නේ තඩි පොත් වල විස්තර වැඩි නිසා හොඳට තේරෙනවා, ඒක හින්දා ඒක කියවගන්ට පුළුවන් සාමාන්‍ය මනුස්සයෙක්ට හොඳට ඉගෙනගන්න පුළුවන් වෙන්ට ඉඩක් තියනවා. කොහොමවුනත් ඇත්තටම මේ වගේ පොතක් ඔලුවට තියන් තව එකක් බදාගෙන වගේ පුස්තකාලේ නිදාගන්ට පුළුවන් සයිස් පොත්. කොහොමවුනත් තඩි පොත් හැමවිටම ඕනෑ වෙන්නේ නෑ. මේ තියන්නේ ඒ දවස් වල මං කියවපු(උත්සහ කරපු) තඩි පොත් ටිකක්. පොඩිකාලේ අතට අහුවෙන එකක් කියෙව්වට පස්සේ නවකතා කියවිල්ල වැඩක් නෑ වගේ තේරුණ න

මියගිය රෝගියාගේ දිනපොත

එක්තරා සමයක වාට්ටුවේ රෝගියෙක් හිටියා. ඔහුට තිබුනේ සුලබ රෝගයක් නොවේ, වයස විසිගණන් වල අග්ගිස්සේ හිටි මේ තරුණයාට තිබ්බේ Bronchiectasis කියන පෙනහළු  රෝගයයි. මේ රෝගය හැදුන රෝගීන් බොහෝවිට ඉතාම කෙට්ටුයි, නිතරම කැස්ස, හුස්ම ගන්ට අමාරුයි. නිතර නිතර පෙනහළු ආසාදන එනව. ඔහුට ලෙඩේට ලාක්ෂණික රෝග ලක්ෂණ ඕක්කොම තිබ්බා. ඒත් ඔහු ගාව ඒක දෙයක් පේන්ට තිබ්බා. ඔහු හොඳ අවබෝධයක් තිබ්බා ජීවිතේ ගැන. අපහසුවෙන් වුනත් හිටියේ ඔහු ගොඩක් සහය දැක්වුවා. ඇඳටම වෙලා හිටියේ ඒ තරම් අසාධ්‍ය මට්ටමේ හිටියේ. ඒ රෝගය නිට්ටාවට සනීප කරන්ට පුලුවන් පෙනහළු බද්ධ කිරීමකින් විතරයි. ඒක නොවන දෙයක් නිසා පෙනහලු වල වැඩි හරියක් රෝගයෙන් විනාශ වුන ඔහුට වැඩි කලක් ජීවත් වෙන්ට තිබුනේ නෑ. ඉතින් ඔහු ගෙදර ගියා ටිකක් හොඳ වුනාම. ගෙදරදිත් ඔක්සිජන් දෙමින් මැෂින් එක්ක ආධාරයෙන් ජීවත් වුනේ. ඔහුගේ දුප්පත් පවුලේ අය කොහොමහරි ඒ දේවල් කරා. ටික කාලෙකට පස්සේ මට ඔහුගේ අම්මා මුණගැහුණා. මං හැමදාම ඔහුගැන විස්තර අහනව. ඔහු මියගිහින් තිබුණා. ඔහු කරපු පින් ගැන ඇය මට කීවා. ඔහුගේ දිනපොතේ ඒවා ලියල තිබුණාලු. ඒ පොත දැන් හැමෝම බලනවාලු. මං ඒ පොත මටත් දෙන්ටයැයි කීවා.