Posts

Showing posts from July, 2018

ආදරය...

Image
“ඔබ එතකොට යනවනෙ? හෙට යනව. එතකොට හෙට ඔබ නෑ. ඔබ ඉන්නෙ අද විතරයි. අද දවස හමාර වුණාම හෙට දවස. අදත් හෙටත් දෙකම එකයි. අද අපි දෙන්න ඉන්නව. හෙට මම විතරයි. හෙටත් අනිද්දටත් කවදටත් මම විතරයි. මොකක්ද වෙනස? අද වගෙම හෙටත් කවුරුත් නැගිටිනව. කනව. බොනව. වැඩට යනව. කතා බහ කරනව. මාත් මේ ඔක්කොම කරනව. ඒත් මම විතරයි. ඔබ නෑ.” සැබෑ පෙම්වතුන් කිසි දාක එක් නොවේ එක් වූ කිසිවෙකුත් සැබෑ පෙම්වතුන් ලෙස ජිවත් නොවේ. වෙන් වී ගියවුන් සදා කල් පෙම්වතුන් ලෙසම ජිවත් වේ. ලූෂන් බුලත්සිංහල .