Armand Trousseau රෝගයක් විනිශ්චය කරන්ට නැත්තං Diagnosis කරන්ට ලෙඩ්ඩු කියන කතාව ගොඩක් වැදගත් වෙනව. ලෙඩා කියන ප්‍රශ්න වලට Symptoms කියනව අපි පරික්ෂා කරාම හම්බෙන රෝග ලක්ෂණ වලට signs කියනව. ඒ කාලේ සුද්දන්ට පුදුමාකාර ලෙඩක් තිබිල තියනව ඒක එක ඒවට තමංගේ නම දාගන්ට. ඇත්තටම සමහර එව ඒ මිනිස්සු මියගියාට පස්සේ ගෞරවේට දාපුවා, ඒත් ගුද මාර්ගයේ තියන කොටස් වලට, ලිංගික අවයව වල කොටස් වලටත් සුද්දන්ගේ නම් තියනව. ඒක මහ විහිළුවක් ඒත් ඒක තාමත් සිද්ද වෙනව, ඒත් නැත්තටම නෑ වගේ. දැන් අවයව වල කොටස් වලට නං ඒ නම්කෑලි නැති විද්‍යාත්මක නම තමයි පාවිච්චිය වැඩි. ඒත් රෝග ලක්ෂණ වලට නං තවමත් ඒව සුලබව පාවිච්චි වෙනව. මේව වෙලාවකට වැඩක් නෑ විභාග වලට හැර. වෙලාවකට ඒක කරදරයක්. උදාහරණයක් කීවොත් හෘද කපාටයක එක ලෙඩකට ඔය වගේ නං දාපු රෝග ලක්ෂණ 10 කටත් වඩා තියනව. මේව කරදර වුනාට මං ඉගෙනගන්න කාලේ ඒව වටේ කියවිල්ල, ඒව හොයාගත්ත අය ගැන කියවිල්ල කම්මැලිකමට හොඳ වැඩක් වුනා. රෝග ලක්ෂණ තුනේ, පහේ වගේ ගොනු වශයෙනුත් සමහර දේවලට තියනව. මේවත් මතක තියාගන්ට ලේසි කරන දේවල්. මේ ඔක්කොම කියන්ට හිතුනේ මගෙම කකුලේ තිබිච්ච පැල්ලමක් දැකල.