Posts

පොත් කියවිල්ල

Image
වෙදකම ඉගෙනගන්න කාලේ එක්තරා ගුරුවරයෙක් කියපු කතාවක් තිබ්බා. "Usually IQ of a average medical student is higher,...... They are usually nerds. They love book big books. When they see a big book they feel like hugging it and cuddling like a baby" ඒ කියන්නේ තඩි පොත් වලට තියන කෑදරකම ආදරණීය මානසිකත්වය වෙද්දු අතර සුලබයි කියන එකයි. මේක හැමවිටම සත්‍ය නෑ. මේ කතාව අහපුවම මට හිතුනේ මට නම් ඒක ඇත්ත කියල. අත්‍යවශ්‍යම නැතත් ඊළඟ මට්ටමේ තඩි පොතක් හරි තියන ලොකුම පොතක් හොයන් බලන එක මාර ගති. ඒක මතක හිටියේ නැතත් හිතට හොඳ ගැම්මක් එනවා. මං හිතන්නේ තඩි පොත් වල විස්තර වැඩි නිසා හොඳට තේරෙනවා, ඒක හින්දා ඒක කියවගන්ට පුළුවන් සාමාන්‍ය මනුස්සයෙක්ට හොඳට ඉගෙනගන්න පුළුවන් වෙන්ට ඉඩක් තියනවා. කොහොමවුනත් ඇත්තටම මේ වගේ පොතක් ඔලුවට තියන් තව එකක් බදාගෙන වගේ පුස්තකාලේ නිදාගන්ට පුළුවන් සයිස් පොත්. කොහොමවුනත් තඩි පොත් හැමවිටම ඕනෑ වෙන්නේ නෑ. මේ තියන්නේ ඒ දවස් වල මං කියවපු(උත්සහ කරපු) තඩි පොත් ටිකක්. පොඩිකාලේ අතට අහුවෙන එකක් කියෙව්වට පස්සේ නවකතා කියවිල්ල වැඩක් නෑ වගේ තේරුණ න...

මියගිය රෝගියාගේ දිනපොත

එක්තරා සමයක වාට්ටුවේ රෝගියෙක් හිටියා. ඔහුට තිබුනේ සුලබ රෝගයක් නොවේ, වයස විසිගණන් වල අග්ගිස්සේ හිටි මේ තරුණයාට තිබ්බේ Bronchiectasis කියන පෙනහළු  රෝගයයි. මේ රෝගය හැදුන රෝගීන් බොහෝවිට ඉතාම කෙට්ටුයි, නිතරම කැස්ස, හුස්ම ගන්ට අමාරුයි. නිතර නිතර පෙනහළු ආසාදන එනව. ඔහුට ලෙඩේට ලාක්ෂණික රෝග ලක්ෂණ ඕක්කොම තිබ්බා. ඒත් ඔහු ගාව ඒක දෙයක් පේන්ට තිබ්බා. ඔහු හොඳ අවබෝධයක් තිබ්බා ජීවිතේ ගැන. අපහසුවෙන් වුනත් හිටියේ ඔහු ගොඩක් සහය දැක්වුවා. ඇඳටම වෙලා හිටියේ ඒ තරම් අසාධ්‍ය මට්ටමේ හිටියේ. ඒ රෝගය නිට්ටාවට සනීප කරන්ට පුලුවන් පෙනහළු බද්ධ කිරීමකින් විතරයි. ඒක නොවන දෙයක් නිසා පෙනහලු වල වැඩි හරියක් රෝගයෙන් විනාශ වුන ඔහුට වැඩි කලක් ජීවත් වෙන්ට තිබුනේ නෑ. ඉතින් ඔහු ගෙදර ගියා ටිකක් හොඳ වුනාම. ගෙදරදිත් ඔක්සිජන් දෙමින් මැෂින් එක්ක ආධාරයෙන් ජීවත් වුනේ. ඔහුගේ දුප්පත් පවුලේ අය කොහොමහරි ඒ දේවල් කරා. ටික කාලෙකට පස්සේ මට ඔහුගේ අම්මා මුණගැහුණා. මං හැමදාම ඔහුගැන විස්තර අහනව. ඔහු මියගිහින් තිබුණා. ඔහු කරපු පින් ගැන ඇය මට කීවා. ඔහුගේ දිනපොතේ ඒවා ලියල තිබුණාලු. ඒ පොත දැන් හැමෝම බලනවාලු. මං ඒ පොත මටත් දෙන්ටයැයි කීව...

ජීවිතේ කෙටියි...

Image
ජීවිතේ කොච්චර කෙටිද කියන එක අමතක වෙන්ට ගොඩක් දේවල් ඒ වේගවත් ගමන අස්සෙම හොයල දෙනව. එතකොට අපිට හිතෙන්නෙ කාලය නතර වෙලා නැත්තං වේගෙ අඩු වෙලා වගේ. ඒත් දවස් ගෙවෙන වේගෙ එකමයි. ඒක දැනෙන්නේ අපි නැවතුන සිදුවීම් මාලාවේ කඩඉමට ආවම. ඉස්කෝලෙ යනකං ළමයි වගේ ඉදල ඉදල ඉස්කෝලෙ ඉවර වුනාමයි දැනෙන්නේ අප්පේ දැන් 20ට කිට්ටුයි කියල.

දෙ මංසල

Image
වසන්තයේ එක දවසක තුරුගොමුවක ඇවිදින විට විසල් රුක්ෂ වියන් යටින්, තනිවම ඇදෙනා මොහොතක, දෙමංසලක්  අසලට මා පැමිණී තිබුනා. යා නොහැකිය දෙමගම මට, කුමක් කරන්ට ද මම දැන්; සිතාගන්ට බැරිය මටත්, කිසිත් නොදන්නා. නොයෙක් අනෙක් දනන් ඇවිද තුරුපත් පොඩිවී තිබුණද මට්ටම් වී තිබුණ නමුදු බොහෝ දෙනා ඇවිද නොගිය මග මං ඇදුනා. වනන්තරේ ඇවිදින විට දෙමංසලක් හමුවූ කල අයෙක් නොගිය මගක යෑම සියලුම වෙනසට මුල් විය. Robert Frost ගේ  "The Road Not Taken" ඇසුරින්. පසුගිය දා තනිවම වනගත වූ අවදානම්කාරී (එක අතකට මෝඩ) ත්‍රාසජනක සංචාරයේ අග දෙමංසලක් හමුවූ අතර වගකීමක් බාර ගැනීම නිසා ආපු පාරෙම එන්ට වුනා. බෙදුන අනිත්පාර මට යන්ට ඕනෑකම තිබ්බ ගමනාන්තයකට වුනත් ඒකට යන ට බැරි වුනා. මං උගත් පාඩම වනගත වෙනවිට කාගෙවත් කීමට අනවශ්‍ය වගකීම් නිසා කලින් ඒම මෝඩ වැඩක් බවයි, එසේම මගේ අලුත් පාරවල් සෙවීම හරි වගයි, යන දෙකයි. මේ නිසඳැස දැක්කේ පස්සේ. මේකේ සම්පූර්ණ පරිවර්තනයක් නෙවේ ලීවේ. මේ මූලධර්මය හැමවිටම සත්‍ය නං නෑ!

අප්පච්චි

Image

JVP අපිට එපා.....

Image
අපේ කතා බහේ JVP කියන්නේ Jugular venous pressure වලට. මේක එච්චර ගැජට් නොතිබ්බ ඉස්සර කාලේ වගේම දැනුත් සායනිකව වැදගත්. මේකෙන් රෝගියෙක්ගේ හදවත ගැනත් ඇඟේ ඇති තරල ප්‍රමාණය ගැනත් වැදගත් තොරතුරු දැනගන්ට පුළුවන්. ඒත් මේ කියන JVP එක හැමෝම දන්න දේශපාලන JVPයි. දේශපාලනය කවදාවත් මගේ කැමැත්තක් තිබ්බ එකක් නෙවේ. ඒත් මේක  ලියන්න හිතුනේ පසුගියදා JVP රතුතරුවේ ගංවතුර සහනයකට ගියාට පස්සේ. මං ඉපදෙද්දී JVP කරදර වලින් නූලෙන් බේරුන නිසා ඒකේ අතීතේ ගැන හොඳට දන්නේ නෑ. ඒත් සාරාංශ වශයෙන් ආණ්ඩුව සහ JVP ගැටුමෙන් අප්රසන්න බියකරු යුද්ධයක් තිබ්බ වගත්, බොහෝදෙනා මැරුණ වගත්, JVP සහ හමුදාවේ නාමෙන් ඕන කෙනෙකුට මිනී මරන්ට පුළුවන් බවත් මං දන්නව. ඉතින් ඊට පස්සේ JVP කීවම මතක් වුනේ යටිගිරියෙන් කෑගහන විමල්, පඩි නැතුව ටික දවසක් ඇමතිකම් කරපු කතාව. ඒත් කවදාවත් JVP හරිහමන් බලයක් ගත්තෙ නෑ කියල මතකයි. ඉතින් මේ වෙනකං රතු තරුව කියල එකක් තිබ්බ කියලවත් මං දැනන් හිටියෙ නෑ. ඒත් මේ ගංවතුර සහන වැඩසටහනට යද්දී මගදීම කොටසක් පෙනුනා. විවිධ වයස් මට්ටං වල මිනිස්සු රතු තරුවක් ගහපු බැනියමක් ඇදන් බරටම වැඩ. ගෙවල් දොරවල් කඩ හෝදනව, කුණු...

Screenshots - ස්ක්‍රීන් ෂොට්ස්

Image
ඉස්සල්ලම මට Screenshot (මෙතැන් පටන් SS) හම්බෙන්නෙ කොම්පියටරේ. කී බෝඩ් එකේ ඊතල වලට ටිකක් උඩින් තියන යතුරක්. පොඩිම කාලේ නං මේක මොනවට තියනවද කියල දැනන් හිටියේ නෑ, පස්සෙ දැනගත්තත් මේකෙ ප්‍රයෝජන තේරුනේ නෑ. ඊට පස්සෙ film වල කෑලි ගන්ට ඕන වුනා. ඒත් SS වැඩියෙන්ම පාවිච්චි වුනේ ස්මාර්ට් ෆෝන් එකක් ගත්තට පස්සේ. කියවන පොත් වල ලිපි වල, බලන රූප වල කෑලි අමතක නොවෙන්ට මේක වැදගත් වුනා. බොරුවට තඩි ආටිකල් බාගන්නවට වඩා ඒක ලේසි නිකං මෙමරි ඉවර වෙන්නෙ නෑ. ඉතින් මං ඉගෙන ගන්න ඒවත් අනික් එක එක ජාතිත් එකතු කරගන්ට පහසුවක් වුනා ඒක. මුල්ම ජංගම දුකේ Soft key එකක් තිබීම පහසුවක් වුනා. පස්සෙ පස්සේ කියවන වැදගත් වගු වගේ කොටස් පාට කරලම SS ගහපුවම කෙලින්ම Flashcard එකක් විදියට පාවිච්චි කරන්ට පුළුවන්. ඉතින් ඉගෙනගන්න කෙනෙක්ට මේ පොඩි තාක්ෂණය සෑහෙන පහසුවක් කරගන්ට පුළුවන්. බලමු මොනවද ගැලරියේ ඇති SS කියල.