තාපස කකුළුවො දෙන්නා - Two hermit crabs



මං තාපස කකුළුවෙක්
නමක් නැති
මං නොදන්න
මිය ගිය බෙල්ලෙක්
ඉතුරු කරල ගියපු කටුවක
ජීවත් වෙන.
වයිවාරණ කටු අතරේ
තිබ්බ අළු පාට
සරල
මේ කටුවට මං කැමති
ඒත් මං නිකම්ම නිකං
තාපස කකුළුවෙක්
අනුන්ගේ කටුවක ඉන්න,
මගේ දර්ශනය
වටින්නේ කාටද?


අපි එකම වැල්ලේ
හිටියත් මෙහි නිදැල්ලේ
වර්ණවත් කටුවක්
තිබේ යහළුව මටත්
ඇත්ත එය මගෙ නොවේ
ඒත් මං තේරුවා හොඳට
වර්ණවත් 
මෝස්තරයක් ඇති මතුපිටක්.
ඉතින් මං උඩටම ගියා
උඹ ඔතනමයි.
වැරැද්ද මගේ ද?

Comments

Popular posts from this blog

ආදරය...

හදවත සහ උණ්ඩුකපුච්ඡය - Appendicitis vs heartattack

මැරෙන්නේ කොහොමෙයි?