ලෙඩ වීම

මිනිස්සු හිතෙන්නේ  (මාත් ඇතුළුව) හැමදාම නොමැරී ඉන්නව ලෙඩ හැදෙන්නේ නෑ කියල. ඒත් ඉස්පිරිතාලේ ඉදං කවුරුහරි බලං හිටියොත් පේනව මිනිස්සු යන එන හැටි. බොහොම තරුණ වයසේ ඉදං ජීවිතේ අග්ගිස්ස දක්වාම අය ඉන්නව විවිධ ලෙඩ හැදිල.
අලුත් බෙහෙත් ප්‍රතිකාර ක්‍රම නිසා මිනිස්සු නොමැරී ජීවත් වෙනව.
ඒත් වෙලාවකට ඉක්මන් මරණය හොඳයි කියල හිතෙනව.
මේ කියන්නේ ඒ වගේ කෙනෙක් ගැන.
ඔහුට වයස දාහතයි, ඒත් හැමෝටම ඌව පේන්නේ පොඩි එකෙක් වගේ, මොකද පොඩි  කාලේ ඉදංම්ම මේ කොල්ල වාට්ටුවේ.
ලෙඩේ හැදුනම ඇගේ ලේ හැදෙන්නෙ නෑ. ජීවිතේම ලේ දීමක් තමා.
ඇගේ විසර ගෙඩි ආවත් හොද වෙන්ට සුදු රුධිර සෛල නෑ.
ඉතින් බෙහෙත් ලේ දීමනිසා මැරෙන්නේ නෑ, ඒත් මුළු ඇගම වණයක් වුනත් හොඳ වෙන්නෑ.
ජීවිතේ සහ මරණය දෙකම අහිමි වෙන්නේ එහෙමයි.

Comments

Post a Comment

Popular posts from this blog

ආදරය...

හදවත සහ උණ්ඩුකපුච්ඡය - Appendicitis vs heartattack

මැරෙන්නේ කොහොමෙයි?