Posts

Showing posts from March, 2018

සීයා යකා ගහල මැරුණා....

Image
ඉස්සර කාලේ ගම්වල මිනිස්සු හිටිය. ගහක් ගලක් වගේ හිටපු මිනිස්සු කුඹුරක් කොට කොට ඉද්දි එකපාරටම ඉසේරදයක් ඇවිත් ගහක් යට වාඩි වෙනව ටික වෙලාවකින්  සිහිය නෑ නහයෙන් කටින් සෙම එනව අත පය දරදඩු වෙලා මලමුත්තරා ගිහින්. ඉතින් වැඩි දවසක් ඉන්නෙ නෑ මැරිලා යනව. තව සමහරු හොයාගද්දිම මැරිල. තව සමහරුන්ට මීමැස්මොරේ හැදෙනව මේ කතාවටම. තවත් අයගේ පවුලේ අයටත් මෙහෙම වෙනව. දැන්නං මේ ඔක්කොම අපිට හම්බෙනව සීටී ඉස්කෑන් කොරන්ට ආවම. ඉස්කෑන් කොලාම මොලේ සුදු වෙලා ලේ ගලල. සමහරු ගොඩ යනව ඔපරේෂන් කරල සමහරුන්ට ඔපරේෂන් කරන්නේ නෑ(ගොඩක් අය මේ ගොඩේ) තව සීමිත පිරිසක් මැරෙනව. ගොඩක් වෙලාවට මේවට හේතුව පැෂර් එක වැඩි වීම. ටික දෙනෙක්ගේ නහරවල තැන් තැන් තුනීවෙලා ඒව පුපුරල ලේ ගලනව. වයසක අයගේ දවස් ගානක් තිස්සේ ටික ටික ලේ ගලනව. එතකොට ඉස්සර නං කියන්නැති "අනේ අපෙ අත්තම්මා හොඳට උන්නා ටික ටික ලෙඩ ඇදට වැටුනා ඊට පස්සේ මැරුණා"කියල. නව තාක්ෂණයත් එක්ක හොයාගත්ත  යකා ගැසීමට එක හේතුවක් තමා ඔය. ඒ නිසා පැෂර් එක යනු වලක්වා ගත හැකි දන්න යකෙකි!