හදවත සහ උණ්ඩුකපුච්ඡය - Appendicitis vs heartattack



ආදරයේ වේදනාව හිතට දැනුන යම් අතීතයේ දවසක සේකරගේ නොමියෙමි අස්සක තිබී හමුවිය. සම්පූර්ණ කවිපොත් කියවීම කවදාවත් කරනැති නිසා සම්පූර්ණ කතාව මතක නැතත් නොමියෙමි කතා නායකයා රෝහල්ගත වී පිස්සෙක් වගේ මෝඩ කතා සහ ගැඹුරු කතා ගොඩක් කියවූ වග මතකය. ඒවා මෝඩකතා වන්නේ මට ඔහු කියා ඇති ලෙඩ ලැයිස්තුව තේරෙන නිසාදැයි නොදනිමි. එකදාස්නවසිය බර ගණං වල රෝගියාට වඩා දැන් රෝගියා දන්නා දේ වැඩිදැයි මම නොදනිමි.
කෙසේ වෙතත් සේකර එක්කෝ වෙදෙක්ගෙං ලෙඩ අහගෙන හෝ පොතකින් ලැයිස්තුවක් බලාගෙන කෙලවරක් නැති ලෙඩ ගොඩක් ලියා ඇත.
ඒ අතර අයිටිස් සෙට් එකද ඇත. වෙදකමේ ඕනෑම ඇගේ කෑල්ලකට වගේ -itis ප්‍රත්ය එකතු කලවිට ඒක ඒ  කෑල්ලේ ප්රදාහය හෙවත් inflammation තත්වය බවට හැරේ. (Inflammation ගැන හිතුනොත් වෙලාවක ලියමි)
ඒ අනුව තේරෙන කෑලි ටිකක් ගත්තොත්,
Appendix - උණ්ඩුකය
Cholecyst - පිත්තාශය
Hepato - අක්මාව සම්බන්ධ
Cyst - මුත්‍රාශය
Appendicitis
Cholecystitis
Hepatitis
Cystitis
යන ලෙඩ ටික නිමැවේ.
සේකර මේවගේ rhyme වෙන හෙවත් අනුනාද වෙන (?) ප්රත්ය ටිකකින් පිටු තුනක විතර ලෙඩ ලිස්ට් එකක් දමා ඇත. ඒකේ ලෝකේ නැති ලෙඩ දමා තිබී මාත් සමහර ඒවා Google කළෙමි.
ආදරයද ප්රදාහයක්යැයි කිවහැකිදැයි මං නොදනිමි.
හදවත ආදරෙන් ලෙඩ වෙනවා නං ආදරය carditis වගේ එකකි. ආදරේ නහර බ්ලොක් වූ කළ හාට් ඇටෑක් වගේ එකක් යැයි කිවහැක.
වෙද විද්යාව, එයිනුත් pathology හෙවත් ව්‍යාධි විද්‍යාව ට කැමති මට හැම එකම ඒකට හරියන විදියට විස්තර කිරීමේ පුරුද්දක් ඇත.
ඇත්තටම මෙය පතෝල ගැන නොව ලෙඩ රෝග හැදෙන හැටි සම්බන්ධ ශාස්ත්‍රයයි.
ඒ අනුව ලෙඩක්ට බෙහෙත් නොකර හිටියොත් වෙනදේවල් පිලිවලට Natural history කියයි.
ඒ අනුව උදාහරණයකට තුවාලයක natural history එක පැසවීම හෝ ඉබේ හොඳ වීම වැනි සෙට් එකකි.
කැඩුණු ආදරයක Natural history එකේද ඒ වගේ ඒවා ඇත,
ඒක ඉබේම හරියා හැක,
සදහටම කැඩී යා හැක,
නැත්තං සදහටම දුක්දෙන තුවාලයක් විය හැක,
නැත්තං අලුත් ආදරයක් පටංගත හැක,
නැත්තං දෙන්නංගෙං එක්කනෙක් මියයා හැක.
ඒ අනුව ගත් කල ආදරේටද මරණය ගෙනා හැක.
Appendix යනු මහ බඩවැලේ මුල ඇති සුළැගිල්ල විතර චූටි බටයක් වැනි රිකිල්ලකි. Appendix යන වචනේ අනික් තේරුම පොතක අග ඇති (සිංහල වචනෙ මතක නෑ) කෑල්ලයි. මේ වචනේ ඇති උත්ප්‍රාසය සහ ශල්‍ය වෙදකමේ සුලබම ශල්‍ය කර්මය Appendicitis නිසා මා ඒ නම යෙදුවෙමි.
ලෝයේ යම් කලක Appendicitis නිසා මියයෑම උරුම වූ සමයක් තිබිණි.
දැන් ඒක ඉතාම දුර්ලභ දෙයකි. මක්නිසාද Appendicitis වල Natural history  එක බෙහෙත් හෝ සෙන්ටිමීටරේ කැලැල්වත් හොයන්ට බැරි ලැපරොස්කොපි ශල්‍යකර්මයකින් ලේසියෙන් ඉවර වෙන නිසාය.
ඒත් ආදරේ Natural history එක වැඩිය වෙනස් වී නැත.
ඒ අනුව ගත් කල ආදරය යනු සේකරගේ සමයේත් ඊට පෙරත් දැනුත් එකම ආකාරයේ ප්රදාහයකි.
පේමතෝ ජායතී සෝකෝ!

Comments

Popular posts from this blog

ආදරය...

සීයා යකා ගහල මැරුණා....