Popular posts from this blog
හදවත සහ උණ්ඩුකපුච්ඡය - Appendicitis vs heartattack
ආදරයේ වේදනාව හිතට දැනුන යම් අතීතයේ දවසක සේකරගේ නොමියෙමි අස්සක තිබී හමුවිය. සම්පූර්ණ කවිපොත් කියවීම කවදාවත් කරනැති නිසා සම්පූර්ණ කතාව මතක නැතත් නොමියෙමි කතා නායකයා රෝහල්ගත වී පිස්සෙක් වගේ මෝඩ කතා සහ ගැඹුරු කතා ගොඩක් කියවූ වග මතකය. ඒවා මෝඩකතා වන්නේ මට ඔහු කියා ඇති ලෙඩ ලැයිස්තුව තේරෙන නිසාදැයි නොදනිමි. එකදාස්නවසිය බර ගණං වල රෝගියාට වඩා දැන් රෝගියා දන්නා දේ වැඩිදැයි මම නොදනිමි. කෙසේ වෙතත් සේකර එක්කෝ වෙදෙක්ගෙං ලෙඩ අහගෙන හෝ පොතකින් ලැයිස්තුවක් බලාගෙන කෙලවරක් නැති ලෙඩ ගොඩක් ලියා ඇත. ඒ අතර අයිටිස් සෙට් එකද ඇත. වෙදකමේ ඕනෑම ඇගේ කෑල්ලකට වගේ -itis ප්‍රත්‍ය එකතු කලවිට ඒක ඒ කෑල්ලේ ප්‍රදාහය හෙවත් inflammation තත්වය බවට හැරේ. (Inflammation ගැන හිතුනොත් වෙලාවක ලියමි) ඒ අනුව තේරෙන කෑලි ටිකක් ගත්තොත්, Appendix - උණ්ඩුකය Cholecyst - පිත්තාශය Hepato - අක්මාව සම්බන්ධ Cyst - මුත්‍රාශය Appendicitis Cholecystitis Hepatitis Cystitis යන ලෙඩ ටික නිමැවේ. සේකර මේවගේ rhyme වෙන හෙවත් අනුනාද වෙන (?) ප්‍රත්‍ය ටිකකින් පිටු තුනක විතර ලෙඩ ලිස්ට් එකක් දමා ඇත. ඒකේ ලෝකේ නැති ලෙඩ දමා තිබී මාත් සමහර ඒව...
සියදිවි නසාගැනීම
අද උදේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්ගේ සියදිවි නසාගැනීමක photo ගැන විවිධ මතවාද පැතිර යනු දුටිමි. ඒවා සමහරක් ඉතා පහත් මට්ටමේ උපකල්පන සහ අර්ථකථනයන්ය. මේ අතර බොහෝ දෙනා නිවැරදි පැහැදිලි කිරීම් කර ඇති බවද දුටුවෙමි. එබැවින් සහ කම්මැලි කමට කෙටි ලිපියක් ලියමි. සියදිවි නසාගැනීම නූතන වෛද්‍ය විද්‍යාවට අනුව සිදුවන ප්‍රධාන ක්‍රම දෙකක් සිතිය හැක. 1.හදිසි තීරණ - උදා - හදිසි තරහට කෝච්චියට පැනීම. 2. මානසික රෝග නිසා - විෂාදය(depression), ද්විභින්න උන්මාදය ( schizophrenia) මේවාට සම්බන්ධ තවත් කොටසක් නම් සියදිවි නසාගැනීමට උත්සාහ කිරීම් (suicide attempts)ය, මෙවා පුද්ගලයා හිතාමතා කරන ඒවා හෝ සියදිවි නසාගැනීමට පෙර බේරාගත් ඒවාය. මේ අංක 1 කොටසේ අවසානය භයානක විය හැක්කේ පාවිච්චි කරන ක්‍රමය මතයි. මේ උදාහරණයේ කෝච්චි ක්‍රමය වැනි ඒවායේ ආපසු හැරීම් බේරාගැනීම් නැත. ඒත් බෙහෙත් පෙති බීම වැනි දේ කරන රෝගීන් තරහ නිවුනු පසු ජීවිතය ඉල්ලයි. මේ අයටත් මානසික රෝග හෝ පෞරුෂයත්ව වෙනස්කම් (personality problems) තිබිය හැක. දෙවනි කොටසට අයත් අයයි බහුලම. මේ මියගිය අයට වෙන ප්‍රශ්න වලට හැමෝම මැරෙන්ට යන්න...
Comments
Post a Comment