දුප්පත් ලංකාවේ පෝසත් සෞඛ්‍ය....

ලෝකයේ අංක එක කියන ඇමරිකාවේ මාතෘ මරණයක් ගැන කියවීමෙන් පසු පොඩ්ඩක් කුරුටු ගාන්ට හිතුනා.
මිය ගිහින් තියන්නේ සාමාන්‍ය ලෙඩෙකුත් නෙවෙයි. Lauren Bloomstein කියන්නෙ ළදරු දැඩිසත්කාර ඒකකයේ හෙදියක්, ඇගේ සැමියා විකලාංග ශල්‍ය වෛද්‍යවරයෙක්, තුන්වැනි පුදුමය තමා ඈ මිය යන්නේ ඇගේ රෝහලේදීමයි.
මේ කතාව මට නං හරිම පුදුම දෙයක් වෙන්නේ ඒකයි.
ඈ මිය ගිහින් තියෙන්නේ Pre eclampsia හෙවත් ගර්භණීභාවය නිසා ඇතිවන භයානක මට්ටමේ රුධිර පීඩනය වැඩි වීමකින් ඇති වූ HELLP සින්ඩ්රෝමය හේතුවෙන් වූ මොළයේ ලේ ගැලීමකින්.
අවාසනාවකට විශේෂඥ වෛද්‍යවරයෙක් වූ ඇගේ සැමියට මේ ලෙඩේ තේරුම්ගන්ට බැරි වෙලා. ඒ කෙසේ වෙතත් ඔවුන්ගේ මිත්‍රයෙක් වෙච්ච ප්රසව වෛද්‍යවරයාට හෝ හෙදියන්ටවත් ඒක තේරිලා නෑ.
සම්පූර්ණ කතාව කියවල බලන්ට පුළුවන්.

ශ්‍රි ලංකාවේ රෝහලක නම් මේ වගේ දෙයක් කවදාවත් නොවෙන බව සහතිකයි. මිනිස්සු කොච්චර බැන්නත් මේ වගේ කෙනෙක් නෙවේ නිකම්ම නිකං සාමාන්‍ය මනුස්සයෙක්ට වුනත් මීට වඩා සැලකිල්ලක් ලැබෙනව.
මේ රෝගියාගේ සැමියට බැරි වුනත් රෝහලක හොඳට වැඩ කරපු සාමාන්‍ය තෙවන වසර වෛද්‍ය ශිෂ්‍යයෙක්ට වුනත් මේ ලෙඩේ අඳුනගන්ට තිබ්බ.
නිසි ඖෂධ පටන්ගත්තා නම් මේ මරණය බොහෝවිට වලකා ගන්ට තිබ්බා.
මේ වගේ රෝගීන් සිය ගණනකට සාර්ථකව මෙරට රෝහල්වල ප්‍රතිකාර කරනව.
ඒ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ හැම මට්ටමකම අයගේ කැපවීමත් මනාව සැලසුම් කර ඇති සේවයත් නිසයි.

මේ ලිපියේ තිබ්බ තවත් දෙයක් තමා ඔවුන් මෙවන් මාතෘ මරණයක් පුද්ගලික අවාසනාවන්ත සිදුවීමක් කියල සලකන වග. නමුත් ලංකාවේ මේ වගේ මරණ විතරක් නෙවේ වෙනත් හේතුවක් නිසා වුන මාතෘ මරණ පවා රෝගියාගේ සත්කාර වලට අදාල සියළු මට්ටමේ සෞඛ්‍ය සේවකයින් ගෙන්වා විස්තරාත්මක පර්යේෂණයක් කරනව.

අපෙ රටේ ප්‍රසව වාට්ටු වල පැය විසි හතරම 365 දවසෙම විශේෂඥ රෙජිස්ට්‍රාර් වෛද්‍යවරයෙක් ON CALL (කාර්ය භාරව?) ඉන්නව. ඒ අයට බොහෝවිට නිසි කාල සටහනක් නෑ වෙන රටවල වගේ. සතියකට මෙච්චර පැය ගානක් කියල නෑ.
අපි ගොඩක් දෙනෙක් රෝහල් වල මෙච්චර කට්ට කන මිනිස්සු ඉන්නව කියල දන්නෙත් නෑ.
ඉතින් ලංකාවේ ඉතාම අඩු ළදරු හා මාතෘ මරණ අගයට මේ හැමෝටම පින් දිය යුතුයි.

Comments

Popular posts from this blog

හදවත සහ උණ්ඩුකපුච්ඡය - Appendicitis vs heartattack

ආදරය...

සීයා යකා ගහල මැරුණා....