ගවාන්දේ දුටු ඇමරිකන් සෞඛ්‍ය

අතුල් ගවාන්දේ ගේ දෙවනි පොත කියවන්ට පටං ගත්තා.
එක දිගටම කියවන්ට වෙලාව තිබ්බෙ නෑ.
දැන් තේ බොන ගමං මං විස්තර කරමින් හිටියෙත් අපෙ රටේ නිදහස් සෞඛ්‍ය ගැන.
පොඩිම මට්ටමේ operation එකක් වන හ'නියා (hernia) එකක් කරන්ට අවම පැය භාගයක් විතර යනව. වෛද්‍යවරු දෙන්නෙක් , නර්ස්ල  දෙන්නෙක්, උපස්ථායකයෙක්, බෙහෙත්, විදුලිය ආදිය operation කරන ටිකටත්, admit වෙලා ඉන්න දවසට කාර්යමණ්ඩලයට පඩි ගෙවන්න ආදියට මහ විසාල සල්ලි ගොඩක් යනව.
එහෙම බැලුවම අපි දන්නෙම නැතුව මේ සුද්දන්ගෙ ගානට වඩා වැඩි ගානක් අපිට යනව වගේ.
ගවානදේ ගේ  පොත, Better - A surgeons notes on Performance වලට අනුව තියන ඩොලර් ගණං රුපියල් වලට පෙරලුවොත් අපෙ රටේ මිනිස්සුන්ට ඒක හිතාගන්ටවත් බැරි වෙයි.
ඔහුගේ පුතාගේ හර්ද සැත්කමට ඩොලර් මිලියන කාලක් ගිහින්, ඒත් ඔහුගේ රක්ෂණයෙන් ඒක ගෙව්වාලු.
අපෙ රටේ මෙහෙම ගණං හිලව් නැතත් මීට වඩා ගණං operation නොමිලේ කරනව කියල අපිට තේරෙන්නෙ නෑ.
මේක කියවද්දි තේරෙන්නෙ ඇමරිකන් වෛද්‍යවරු ව්‍යාපාරිකයන් වෙන්ට ඕන එහෙ survive වෙන්ට නං.
ඒක කොච්චර කරදරකාරී වැඩක් ද කියල මෙහෙ එක්ක සසඳද්දි හිතෙන්නෙ.
ඇත්තටම එහෙ ඒක ලොකු බිස්නස් එකක්.
මං නං බිස්නස් ගැන මලපොතේ අකුරක් දන්නේ නෑ ආසත් නෑ(ඒ නිසා මේ පොත කියවන්නෙ අතෑර අතෑර), ඉතින් මං හෙට උදේ ඇහැරල බලද්දී ඇමරිකාවේ වෛද්‍යවරයෙක් වෙලා හිටියොත් මට නං survive වෙන්ට හරිම අමාරු වෙයි.

Comments

Popular posts from this blog

හදවත සහ උණ්ඩුකපුච්ඡය - Appendicitis vs heartattack

ආදරය...

සීයා යකා ගහල මැරුණා....