සියදිවි නසාගැනීම





අද උදේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්ගේ සියදිවි නසාගැනීමක photo ගැන විවිධ මතවාද පැතිර යනු දුටිමි. ඒවා සමහරක්  ඉතා පහත් මට්ටමේ උපකල්පන සහ අර්ථකථනයන්ය.
මේ අතර බොහෝ දෙනා නිවැරදි පැහැදිලි කිරීම් කර ඇති බවද දුටුවෙමි. එබැවින් සහ කම්මැලි කමට කෙටි ලිපියක් ලියමි.

සියදිවි නසාගැනීම නූතන වෛද්‍ය විද්‍යාවට අනුව සිදුවන ප්‍රධාන ක්‍රම දෙකක් සිතිය හැක.
1.හදිසි තීරණ - උදා - හදිසි තරහට කෝච්චියට පැනීම.

2. මානසික රෝග නිසා - විෂාදය(depression), ද්විභින්න උන්මාදය  ( schizophrenia)

මේවාට සම්බන්ධ තවත් කොටසක් නම් සියදිවි නසාගැනීමට උත්සාහ කිරීම් (suicide attempts)ය, මෙවා පුද්ගලයා හිතාමතා කරන ඒවා හෝ සියදිවි නසාගැනීමට පෙර බේරාගත් ඒවාය.

මේ අංක 1 කොටසේ අවසානය භයානක විය හැක්කේ පාවිච්චි කරන ක්‍රමය  මතයි. මේ උදාහරණයේ කෝච්චි ක්‍රමය වැනි ඒවායේ ආපසු හැරීම් බේරාගැනීම් නැත. ඒත් බෙහෙත් පෙති බීම වැනි දේ කරන රෝගීන් තරහ නිවුනු පසු ජීවිතය ඉල්ලයි.
මේ අයටත් මානසික රෝග හෝ පෞරුෂයත්ව වෙනස්කම්  (personality problems) තිබිය හැක.

දෙවනි කොටසට අයත් අයයි බහුලම. මේ මියගිය අයට වෙන ප්‍රශ්න වලට හැමෝම මැරෙන්ට යන්නේ නැත. එහෙම වුනා නං ඔබත් මාත් මෙලාට මැරිලාය.
මේ අයගේ සුලභම මානසික රෝගය විෂාදයයි.

මට කියන්ට ඕනෑ දේ එන්නෙ මෙතෙන්ටයි. අපි කළ යුත්තේ මැරුණ මිනිහාට බැනීම නොවේ, මැරුණේ ඔහුගේ මෝඩකමට නොවේ, රෝගීකමටය.

ඇත්තටම සියදිවි නසාගන්නන් කිය කිය ඉන්නෙ නැති බව එක මිත්‍යාවකි.
පර්යේෂණ වලට අනුව ඔවුන් ඒ බව මැරෙන්නට පෙර බොහෝ අයට කියයි. මැරෙන්නට පෙර බොහෝ අය වෛද්‍යවරයා හමුවී ඇතත් හදුනානොගත් අවස්ථාද බහුල බව ඒවායින් කියවේ.
ඒ නිසා ඇත්තටම මේ මියගොස් ඇත්තේ ප්‍රතිකාර අවැසි රෝගීන්ය.
බොහෝ තරුණ අය, මහලු අය, දිගුකාලීන කායික මානසික ලෙඩක් ඇති අය, මත්ද්‍රව්‍ය ගන්නා අය, වැන්දඹු අය සහ අවිවාහක අය සහ පිරිමි අය සියදිවි නසාගැනීමට පෙලඹීම සුලභය.
මේ දත්ත ඇතුලත් විවිධ scoring systems ඇත.
එසේම මේ මානසික රෝගවලට ප්‍රතිකාර කළ හැක.

අපට කළහැක්කේ මේ අය හදුනාගෙන උදව් කිරීමය. මරණයෙන් කිසිම ගැටළුවක් විසදෙන්න නැත. එසේම අපේ බැනුම් වලින් කිසි යහපතක් නොවේ.
ඉස්සර මේ රටේ නීතියට අනුව suicide attempts කරන අයට නඩු පවරා ඇත ( මං හිතන්නේ ඉන්දියාවේ සහ සමහර රටවල තාමත් එහෙමය).ඒත් පසුව ඒ නීතිය අයින් කර ඇත. දැන් ඒ හැමෝටම මානසික වෛද්‍යවරයෙක්ගේ පරික්ෂාකිරීමක් ලබාදේ. මෙතන
මතක්වන තවත් දෙයක්නම් මේ අය එකපාරක් උත්සහ කර බේරාගත් පසු නැවත නොකරන බවට ඇති බොරු විස්වාසයයි.
ඇත්තෙන්ම ඒ අය රෝහලේදී පවා නැවත මැරෙන්නට උත්සහ කළ හැකි නිසා විස්තරාත්මකව එයට ඇති අවදානම සොයයි (risk assessment) ඊට පසු කිට්ටුවෙන් බලාගනී.

අවසාන වශයෙන් කිව යුත්තේ ඔබට හෝ දන්නා කෙනෙක්ට මෙවැනි සියදිවි නසාගැනීමේ අදහස් ඇත්නම් වහාම උදව් ලබාගත යුතු බවයි.
මේ සඳහා හොඳම ක්‍රමය මනෝ වෛද්‍ය උපකාර පැතීමයි. රටේ පැතිරුන හොඳ මට්ටමේ මනෝ වෛද්‍ය පහසුකම් දැන් ඇත. සියළු මහරෝහල් වල සහ සමහර වෙනත් රෝහල් වල පහසුකම් ඇත. මේවාගේ දුරකථන වලට අමතා උදව් ලබාගත හැක.
මීට අමතරව ශ්‍රි ලංකා සුමිත්‍රයෝ වැනි NGO ද මේවාට උපකාර කර නිසි යොමු කිරීම් කරන බව මා සිතමි.

අවසානය වශයෙන්  (දෙවනි පාරද මංදා)  මැරිච්ච මිනිස්සුන්ට කතා හදා photo දමා ඒවා බෙදාහැරීමෙන් වලකින්න. ඔවුන්ගේ ප්‍රශ්න අපි දන්නේ නැත, එසේම උගත්කම හෝ සල්ලිකාරකම මේවාගෙන් බේරන්නේ ද නැත.
ඔබට හෝ වෙන කෙනෙකුට උදව් ලබාගැනීමට මාර්ග සැකැස්මයි අවශ්‍ය.

ශ්‍රී ලංකා සුමිත්‍රයෝ
+(94)11 2692909

+(94)11 2696666

මීට අමතරව ඕනෑම ප්‍රධාන රෝහලකට අමතා උදව් ඉල්ලිය හැක.

තව විස්තර ඇති සිංහල ඉංග්‍රීසි ලියමන් කියවීම කවදාහෝ ඔබට උපකාර විය හැක.

(* සියදිවි නසා ගැනීම මාධ්‍ය මගින් මාකට් කිරීම ඒවා වැඩි වීමට රුකුල් දෙන බවට සාධක ඇත. ඒ නිසා ඔබත් ඒ කතා පතුරන්ට එපා.

** තවත් පරණ මිත්‍යාවක් නම් සියදිවි නසාගැනීමට හිතන අයගෙන් එවැනි අදහස් ඇද්දැයි ඇසීම එයට පාර කැපීමක් බවයි. එහෙත් එයද බොරුවක් බව දැන් විශ්වාසයයි. මෙය සාමාන්‍ය ජනතාවට වඩා වෛද්‍යවරුන්ට වැදගත් දෙයකි. මෙවන් මිත්‍යා ගැන WHO Link එකේ ඇත.

*** මුලින්ම කී පහත් මට්ටමේ කතාබහ ගිය Elakiri අඩවියේ දැනුමැත්තන් පිරිසක් සියදිවි නසාගන්නා  ඇසූ කෙනෙකුට හොඳ උත්තර දී ඇති බව පෙනුනි.
ඒ ලියපු මනුස්සයා දැන් පරලොවදැයි මං නොදනිමි. කාටදෝ දැලිපිහි හමුවී ඇතිබව දැකීමත් ඒ උදව් ඉල්ලු කෙනා ගැනත් කණගාටු වෙමි.)

Comments

  1. Replies
    1. ස්තූතියි ඔබට...

      Delete
  2. හුඟක් වටින ලිපියක් , ස්තුතියි

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මියගිය රෝගියාගේ දිනපොත