JVP අපිට එපා.....




අපේ කතා බහේ JVP කියන්නේ Jugular venous pressure වලට. මේක එච්චර ගැජට් නොතිබ්බ ඉස්සර කාලේ වගේම දැනුත් සායනිකව වැදගත්. මේකෙන් රෝගියෙක්ගේ හදවත ගැනත් ඇඟේ ඇති තරල ප්‍රමාණය ගැනත් වැදගත් තොරතුරු දැනගන්ට පුළුවන්.
ඒත් මේ කියන JVP එක හැමෝම දන්න දේශපාලන JVPයි. දේශපාලනය කවදාවත් මගේ කැමැත්තක් තිබ්බ එකක් නෙවේ. ඒත් මේක  ලියන්න හිතුනේ පසුගියදා JVP රතුතරුවේ ගංවතුර සහනයකට ගියාට පස්සේ.
මං ඉපදෙද්දී JVP කරදර වලින් නූලෙන් බේරුන නිසා ඒකේ අතීතේ ගැන හොඳට දන්නේ නෑ. ඒත් සාරාංශ වශයෙන් ආණ්ඩුව සහ JVP ගැටුමෙන් අප්රසන්න බියකරු යුද්ධයක් තිබ්බ වගත්, බොහෝදෙනා මැරුණ වගත්, JVP සහ හමුදාවේ නාමෙන් ඕන කෙනෙකුට මිනී මරන්ට පුළුවන් බවත් මං දන්නව.
ඉතින් ඊට පස්සේ JVP කීවම මතක් වුනේ යටිගිරියෙන් කෑගහන විමල්, පඩි නැතුව ටික දවසක් ඇමතිකම් කරපු කතාව. ඒත් කවදාවත් JVP හරිහමන් බලයක් ගත්තෙ නෑ කියල මතකයි.
ඉතින් මේ වෙනකං රතු තරුව කියල එකක් තිබ්බ කියලවත් මං දැනන් හිටියෙ නෑ.
ඒත් මේ ගංවතුර සහන වැඩසටහනට යද්දී මගදීම කොටසක් පෙනුනා.
විවිධ වයස් මට්ටං වල මිනිස්සු රතු තරුවක් ගහපු බැනියමක් ඇදන් බරටම වැඩ.
ගෙවල් දොරවල් කඩ හෝදනව, කුණු අදිනව.
කොහොම හරි අපේ වැඩ ඉවර වෙලා එනකං ඒ අයගේ මහන්සිය පෙනුනා.
මේ සාමාජිකයන් ගොඩක් මැදිවිය පසුකල අය සහ තරුණයන්. ඔක්කොම වගේ සාමාන්‍ය මිනිස්සු වගේ පෙනුනේ. ඒ අතර බොහෝ දුර ඉදන් ආපු අය හිටියා. මේ වැඩ ඔක්කොම නොමිලේ කරන බවත්, ඉතා අඩු පහසුකම් යචතේ ඉදිමින් කරදරේට පත්වුන අයට උදව් කරන්ට මහන්සි වෙන බවත් හොඳට පෙනුනා.
ඉතින් ගෙදර ආවට පස්සේ අපි කතාවුනේ මොකද මේ මිනිස්සු හැමදාම පරදින්නේ කියල. අපි අතරින් ආපු අදහසක් තමා එකක් මේ අයට සල්ලි නෑ, අනික මාකටින් මදි කියන එක.
පහුගිය කාලේ අන්තිමට තිබ්බ ඡන්දෙකටත් ප්‍රසිද්ධ කළ අපේක්ෂකයන්ගේ වතගොත හැටියට JVP එහෙමත් කෙනෙකුට තමා කලා උපාධියක්වත් නොතිබ්බේ. අනුර කුමාරට භෞතික විද්‍යාව විශේෂ උපාධියක් තියනව කියනකොටත් පුදුමයි මොකද Science faculty හිටිය අය කියන්නේ ඒකට USA Visa එක කියල. මෙච්චර උගතුන් ඉදලත් මේ අය නොදිනන්නේ ඇයි?
මං හරියටම දන්නේ නෑ.
උගත්තු වුනා කියලහොඳ වෙන්නෙ නෑ.
ඒත් මැට්ටො ටිකකට වඩා හොඳයිනෙ.
ඒත් මට හිතෙන්නෑ කවදාවත් මේ රටේ JVP අගමැති/ජනාධිපති කෙනෙක් ඉදී කියලා.
JVP කරපු හොඳ වැඩ හැමදාම අපි දකිනව, ඒ අතරින් එකක් රැලියක් තිබ්බම එතන පිරිසිදු කිරීම. ඉතින් මේ රතු තරුවේ මහන්සියත් මිනිස්සු අගය කරාවි. මේවට දේශපාලුවො මඩේ බැහැල බෑ, මේව ආණ්ඩුවේන්ම කරන්ට ඕන දේවල් කියල මේ මිනිස්සුත් පැත්තකට වෙලා හිටිය නං අර අසරණ මිනිස්සු තාමත් අර මඩ ගොඩේ ලෙඩ ගොඩක.
- with respect to dedication of "රතු තරුව"

Photo from JVP website.

Comments

Popular posts from this blog

හදවත සහ උණ්ඩුකපුච්ඡය - Appendicitis vs heartattack

ආදරය...

සීයා යකා ගහල මැරුණා....