Screenshots - ස්ක්‍රීන් ෂොට්ස්

ඉස්සල්ලම මට Screenshot (මෙතැන් පටන් SS) හම්බෙන්නෙ කොම්පියටරේ.
කී බෝඩ් එකේ ඊතල වලට ටිකක් උඩින් තියන යතුරක්.
පොඩිම කාලේ නං මේක මොනවට තියනවද කියල දැනන් හිටියේ නෑ, පස්සෙ දැනගත්තත් මේකෙ ප්‍රයෝජන තේරුනේ නෑ.
ඊට පස්සෙ film වල කෑලි ගන්ට ඕන වුනා.
ඒත් SS වැඩියෙන්ම පාවිච්චි වුනේ ස්මාර්ට් ෆෝන් එකක් ගත්තට පස්සේ. කියවන පොත් වල ලිපි වල, බලන රූප වල කෑලි අමතක නොවෙන්ට මේක වැදගත් වුනා.
බොරුවට තඩි ආටිකල් බාගන්නවට වඩා ඒක ලේසි නිකං මෙමරි ඉවර වෙන්නෙ නෑ.
ඉතින් මං ඉගෙන ගන්න ඒවත් අනික් එක එක ජාතිත් එකතු කරගන්ට පහසුවක් වුනා ඒක. මුල්ම ජංගම දුකේ Soft key එකක් තිබීම පහසුවක් වුනා.
පස්සෙ පස්සේ කියවන වැදගත් වගු වගේ කොටස් පාට කරලම SS ගහපුවම කෙලින්ම Flashcard එකක් විදියට පාවිච්චි කරන්ට පුළුවන්. ඉතින් ඉගෙනගන්න කෙනෙක්ට මේ පොඩි තාක්ෂණය සෑහෙන පහසුවක් කරගන්ට පුළුවන්.
බලමු මොනවද ගැලරියේ ඇති SS කියල.

Comments

Popular posts from this blog

හදවත සහ උණ්ඩුකපුච්ඡය - Appendicitis vs heartattack

ආදරය...

සීයා යකා ගහල මැරුණා....