දෙ මංසල





වසන්තයේ එක දවසක
තුරුගොමුවක ඇවිදින විට
විසල් රුක්ෂ වියන් යටින්,
තනිවම ඇදෙනා මොහොතක,
දෙමංසලක්  අසලට මා
පැමිණී තිබුනා.
යා නොහැකිය දෙමගම මට,
කුමක් කරන්ට ද මම දැන්;
සිතාගන්ට බැරිය මටත්,
කිසිත් නොදන්නා.

නොයෙක් අනෙක්
දනන් ඇවිද
තුරුපත් පොඩිවී තිබුණද
මට්ටම් වී තිබුණ නමුදු
බොහෝ දෙනා ඇවිද නොගිය
මග මං ඇදුනා.
වනන්තරේ ඇවිදින විට
දෙමංසලක් හමුවූ කල
අයෙක් නොගිය මගක යෑම
සියලුම වෙනසට මුල් විය.


Robert Frost ගේ 
"The Road Not Taken" ඇසුරින්.



පසුගිය දා තනිවම වනගත වූ අවදානම්කාරී (එක අතකට මෝඩ) ත්‍රාසජනක සංචාරයේ
අග දෙමංසලක් හමුවූ අතර වගකීමක් බාර ගැනීම නිසා ආපු පාරෙම එන්ට වුනා.
බෙදුන අනිත්පාර මට යන්ට ඕනෑකම තිබ්බ ගමනාන්තයකට වුනත් ඒකට යන ට බැරි වුනා.
මං උගත් පාඩම වනගත වෙනවිට කාගෙවත් කීමට අනවශ්‍ය වගකීම් නිසා කලින් ඒම මෝඩ වැඩක් බවයි,
එසේම මගේ අලුත් පාරවල් සෙවීම හරි වගයි, යන දෙකයි.
මේ නිසඳැස දැක්කේ පස්සේ.
මේකේ සම්පූර්ණ පරිවර්තනයක් නෙවේ ලීවේ.
මේ මූලධර්මය හැමවිටම සත්‍ය නං නෑ!

Comments

Popular posts from this blog

සියදිවි නසාගැනීම

මියගිය රෝගියාගේ දිනපොත