ජීවිතේ කෙටියි...
ජීවිතේ කොච්චර කෙටිද කියන එක අමතක වෙන්ට ගොඩක් දේවල් ඒ වේගවත් ගමන අස්සෙම හොයල දෙනව.
එතකොට අපිට හිතෙන්නෙ කාලය නතර වෙලා නැත්තං වේගෙ අඩු වෙලා වගේ.
ඒත් දවස් ගෙවෙන වේගෙ එකමයි.
ඒක දැනෙන්නේ අපි නැවතුන සිදුවීම් මාලාවේ කඩඉමට ආවම.
ඉස්කෝලෙ යනකං ළමයි වගේ ඉදල ඉදල ඉස්කෝලෙ ඉවර වුනාමයි දැනෙන්නේ අප්පේ දැන් 20ට කිට්ටුයි කියල.

කැම්පස් ගියාමත් එහෙමයි.
ආදරේ කරන්ට ගියාමත් එහෙමයි.
කසාද බැන්දම ළමයි හම්බුනාමත් එහෙම ඇති.
අපි ඒ ලොකු සිදුවීමේ හෙවනැල්ලට මත් වෙනව.
එතකොට ඇත්ත තේරෙන්නෙ නෑ.
ආදරේ කරන්ට ගියාමත් එහෙමයි.
කසාද බැන්දම ළමයි හම්බුනාමත් එහෙම ඇති.
අපි ඒ ලොකු සිදුවීමේ හෙවනැල්ලට මත් වෙනව.
එතකොට ඇත්ත තේරෙන්නෙ නෑ.
ජීවිතේ වේගෙ ගැන කියන්ට හිතුනේ එක එක අයගේ ජීවිය වල දිග ගැන කතාවක් නිසා.
සමහරු ගොඩක් කල් ඉන්නව සමහරු ඉපදෙන්ටත් කලින් මැරෙනව.
මං දැකපු අහිංසකම හුරතල්ම පොඩි එකා මියගිය වග ආරංචි වුනේ අදයි.
මේ වෙනකං මං හිතං හිටියේ ඒ කොල්ලව ආය දකින්ට ලැබෙයි කියල.
වැඩ වැඩි නිසා ඒ සායනේ පැත්තේ ගිහින් හොයන්ට බැරි වුනා, ඒත් කොල්ල බෙහෙත් ගන්ට තාම එන වග ආරංචි වුනා හොයල බැලුවම.
මං හිතං හිටියේ විවේකයක් ආපුදාක කොල්ලගේ ගෙදර ගිහින් බලල එන්ට.
ඒත් ඒක කරන්ට වුනේ නෑ.

ඔහුට තිබුනේ coplex cyanotic heart disease කියන හදවතේ සංකීර්ණ, හදන්ට අමාරු මට්ටමේ ලෙඩක්.
උපන් දා ඉදං මේ වගේ ඉන්ට ඇති.
මං දකිද්දී ඔහුට අවුරුදු 7 යි ඒත් පෙනුම අවුරුදු 3ක් වගේ.
හදවත දුර්වල වෙලා නිසා ඇවිදින්ට බෑ.
කවදාවත් ඇවිදපු නැති නිසා කකුල් කෝටු වගේ.
ඒත් මේ කලු කෙට්ටු දුප්පත් දෙමල කොලුවට වාට්ටුවේ හැමෝම ආදරේ කරන්ට ඇති.
ඔහු කවදාවත් අපේ phone ඉල්ලල කරදර කරන්නේ නෑ.
තාත්තගෙන් ලොකු ලොකු සෙල්ලං බඩු ඉල්ලන්නෙ නෑ.
තිබිච්ච පුංචි ගණං අඩු සෙල්ලම් බඩු ටික ඇඳ උඩ පිලිවලට තියං ඒ මැද සෙල්ලං කරනව.
ඒ ළමය දුකෙන් ඉන්නෙ ලේ ගන්නකොට විතරයි.
එතකොට වඩාගෙන හුරතල් කරන්ට හිතෙනව අඬන හැටි දැක්කම.
අපි හොඳ යාළුවො වුනා.
ඒකට දන්න කැඩිච්ච දෙමල ටික උදව් වුනා.
වාට්ටුව ඇතුලෙ මාස ගානක් හිටිය ඔහු.
සමහර දවස් වලට හොඳටම උණ හැදිල නිදි.
ඒ අතරේ කාලය ගෙවුන.
මට ඔහුට සුභ ගමන් කියන්ටවත් දු.ක. අංකෙ ඉල්ල ගන්ටවත් බැරිවුනා.
ඒත් මෙ හිතනව අන්තිණ කාලේ ඔහු සතුටින් ඉන්ට එති ගෙදර ගිහින්. චූටි නංගි දකින්ටත් ඇති.
අන්තිමට තාත්තා ඇවිත් බෙහෙත් ඇරං ගියාලු.
ඒත් ඔහු ගැන හෙව්වාම ඔහු මියගිහින් වග දැනගත්තේ අද. මං කැමති ඔහුගේ තාත්තා ව හම්බෙන්ට.
කාලයත් එක්ක වතුකරයේ හිටපු දුප්පත් කොලු පැටියෙකුගේ මරණය හැමෝටම අමතක වෙලා යාවි. මට ඔහුගේ මරණය අපූගේ අක්කා දුර්ගා ගෙ මරණය වගේ මතක හිටීවි. කාගෙත් ජීවිතේ කෙටියි.
හැමෝම දවසක අමතක වී ගිය කෙනෙක් වෙලයි නවතින්නේ. ඒ දවස වෙන්ට පටන් ගන්න දවස එකිනෙකාට සාපේක්ෂයි.

Comments
Post a Comment