මියගිය රෝගියාගේ දිනපොත
එක්තරා සමයක වාට්ටුවේ රෝගියෙක් හිටියා. ඔහුට තිබුනේ සුලබ රෝගයක් නොවේ, වයස විසිගණන් වල අග්ගිස්සේ හිටි මේ තරුණයාට තිබ්බේ Bronchiectasis කියන පෙනහළු රෝගයයි.
මේ රෝගය හැදුන රෝගීන් බොහෝවිට ඉතාම කෙට්ටුයි, නිතරම කැස්ස, හුස්ම ගන්ට අමාරුයි. නිතර නිතර පෙනහළු ආසාදන එනව.
ඔහුට ලෙඩේට ලාක්ෂණික රෝග ලක්ෂණ ඕක්කොම තිබ්බා.
මේ රෝගය හැදුන රෝගීන් බොහෝවිට ඉතාම කෙට්ටුයි, නිතරම කැස්ස, හුස්ම ගන්ට අමාරුයි. නිතර නිතර පෙනහළු ආසාදන එනව.
ඔහුට ලෙඩේට ලාක්ෂණික රෝග ලක්ෂණ ඕක්කොම තිබ්බා.
ඒත් ඔහු ගාව ඒක දෙයක් පේන්ට තිබ්බා. ඔහු හොඳ අවබෝධයක් තිබ්බා ජීවිතේ ගැන. අපහසුවෙන් වුනත් හිටියේ ඔහු ගොඩක් සහය දැක්වුවා. ඇඳටම වෙලා හිටියේ ඒ තරම් අසාධ්‍ය මට්ටමේ හිටියේ.
ඒ රෝගය නිට්ටාවට සනීප කරන්ට පුලුවන් පෙනහළු බද්ධ කිරීමකින් විතරයි.
ඒක නොවන දෙයක් නිසා පෙනහලු වල වැඩි හරියක් රෝගයෙන් විනාශ වුන ඔහුට වැඩි කලක් ජීවත් වෙන්ට තිබුනේ නෑ.
ඒක නොවන දෙයක් නිසා පෙනහලු වල වැඩි හරියක් රෝගයෙන් විනාශ වුන ඔහුට වැඩි කලක් ජීවත් වෙන්ට තිබුනේ නෑ.
ඉතින් ඔහු ගෙදර ගියා ටිකක් හොඳ වුනාම. ගෙදරදිත් ඔක්සිජන් දෙමින් මැෂින් එක්ක ආධාරයෙන් ජීවත් වුනේ. ඔහුගේ දුප්පත් පවුලේ අය කොහොමහරි ඒ දේවල් කරා.
ටික කාලෙකට පස්සේ මට ඔහුගේ අම්මා මුණගැහුණා. මං හැමදාම ඔහුගැන විස්තර අහනව.
ඔහු මියගිහින් තිබුණා.
ඔහු කරපු පින් ගැන ඇය මට කීවා. ඔහුගේ දිනපොතේ ඒවා ලියල තිබුණාලු. ඒ පොත දැන් හැමෝම බලනවාලු.
මං ඒ පොත මටත් දෙන්ටයැයි කීවා.
ඔහු මියගිහින් තිබුණා.
ඔහු කරපු පින් ගැන ඇය මට කීවා. ඔහුගේ දිනපොතේ ඒවා ලියල තිබුණාලු. ඒ පොත දැන් හැමෝම බලනවාලු.
මං ඒ පොත මටත් දෙන්ටයැයි කීවා.
කාලයකට පසු මට ඒක හම්බුනා. ඇත්තටම ඔහුට වඩා උගත් නිරෝගී අපි මොනවද කරල තියන්නේ කියල හිතුනා ඒක කියවද්දී.
ඔහු හැමදාම පුංචි පුංචි හරි පින්කම් කරල තිබ්බා. දන් දීල තිබ්බා. ඒ තරම් අමාරු ලෙඩෙක් හොඳ සිහියෙන් ඒ දේවල් අමතක කරල පින් කරන්ට උත්සහ කරන එකත් ලොකු දෙයක්.
ඒ අතින් ඔහු අපිට වඩා ගොඩක් ඉදිරියෙන්.
ඔහු හැමදාම පුංචි පුංචි හරි පින්කම් කරල තිබ්බා. දන් දීල තිබ්බා. ඒ තරම් අමාරු ලෙඩෙක් හොඳ සිහියෙන් ඒ දේවල් අමතක කරල පින් කරන්ට උත්සහ කරන එකත් ලොකු දෙයක්.
ඒ අතින් ඔහු අපිට වඩා ගොඩක් ඉදිරියෙන්.
Comments
Post a Comment