හෙම්බිරිස්සාවෙන් පෙලෙමින් පොත් කියවීම



" Feels like my head is going to blast. I have a mild temperature and a miserable cough. Breathing is little bit difficult. Bad sore throat and headache kills me.
Temporal arteries are pulsating in the usual common cold pattern.
This is the most common infection in the world.
It is caused by a viruses and the most common virus is the Rhinovirus.
Rhino comes from Greek/Latin which is the for nose"

හෙම්බිරිස්සාව කියන්නේ හැමෝම කියන භයානක නැතත් මහ කරදරකාරී ලෙඩක් කියල හැමෝම කියනව. හැබැයි ඒ මොනව හරි ජරාවක් කාල බඩේ අවුලක් වෙනකං විතරයි.
දවසට දහ පාරක් විතර එකම දේ කරන්ට වෙන එක එපා වෙන වැඩක් වෙනව, කැක්කුම ඉවසං නිදාගන්ටවත් වෙන්නේ නෑ. ඊලඟ ඇමතීම එනකොට දුවන්ටම වෙනව.
හැමදේම පාහේ සාපේක්ෂ වන්නේ එහෙමයි.

හෙම්බිරිස්සාවෙන් අකර්මණ්‍ය වෙලා කලින් ගෙදර ඇවිත් ඇඳට වෙලා පොතක් කියවන්ට පටන්ගත්තා.
මේකෙ මුල තියන්නේ මාස ගානකට කලින් හෙම්බිරිස්සාවෙන් දුක්විඳිද්දි ලියන්ට අල්ලපු එකේ කොටය.

මිනිස්සු යමක් ගැන දැනගත්තම ඒක ඔලුවට එන එක නිරායාසයෙන්ම වෙනව.
හෙම්බිරිස්සාව උණ හැදෙන විදිය, රෝග ලක්ෂණ ඇතිවෙන විදිය ඔලුවට ඉබේම එනව.
ඇහැට නොපෙණෙන භයානක නොවන වයිරසයකට මහ විසාල සංකීර්ණ මනුස්සයෙක් දණගස්සන්ට පුළුවන්.
කෙදිරිගගා කිඹුහුං යවමින් මූඩ් ගහල ඉද්දී හිතෙන්නේ එහෙම බැරි මිනිස්සු කොහොමද වැඩ කරන්නේ?
මීට වඩා අමාරු ලෙඩ තියන මිනිස්සු මනස නිරවුල්ව ඉන්නේ කොහොමද ? වගේ දේවල්.
ඇත්තටම ජීවිතේ කියන්නෙ සරල ලස්සන එකක් නෙවේ හැමවිටම.
අපි කෙදිරිගාද්දි කම්කරුවෙක් එදත් වැඩ කරන්ට ඕන කන්ට ඕන නං.

මේ පොත කියවන්ට පටං ගත්තේ ඊයේ. අහල තිබ්බත් හොයං කියවන්ට වෙලාවක් තිබ්බේ නෑ. අන්තිමට හොයං කියවනව.

මේ පොත "WHEN BREATH BECOMES AIR" ලියල තියන්නේ Paul Kalanithi; ස්නායු ශල්‍ය වෛද්‍ය වරයෙක්. ඒත් අවුරුදු 37 දි පුහුණුව ඉවර කරපු කාලෙදීම වගේ පෙනහළු පිලිකාවකින් මියගියා.
මං හිතන්නේ හැම වෙදාම මත වගේ කතා අහල තියනව.
මාත් අහල තියනව ඒ වගේම  වෛද්‍යවරයෙක් ගැන.
පළමු පත්වීමේ මාස කීපයක් යන්ටත් කලින්  ඒ තරුණ ශල්‍ය වෛද්‍ය විශේෂඥයා මියගියා.

වෛද්‍ය වරයෙක් වීම මරණයෙන් බේරන්නේ නෑ.
එකම දේ මරණය හුරු වීම සහ මරණයට යන අඩිපාරේ මංසලකුණු තේරීමත් මිනිස්සුන්ට ඒ මගෙන් හැරී එන්ට උදව්කරන්ට පුළුවන්වීමත් පමණයි.

හිතට අවුල් වෙලාවට මේ පොත කියවන්ට එපා කියල සමහරු කීවත් මං ඒක කියවන්ට ගත්තා. වරදක් නෑ. තවම මං කියවන හරියේ ඔහුගේ පිළිකාව හොයාගත්ත මට්ටමට ඇවිත් නෑ. ඉතින් මං හිතන්නේ මේක හැමෝටම හොඳ පොතක් වෙයි.

Comments

  1. මමත් අකැමැතිම ලෙඩක් බන්
    අපි කරන්නේත් පරිගණක ඉස්සරහා ඉදන් කරන ජොබ් නිසා හෙම්බා හැදුනා කියන්නේ විනාසයි
    එනකොටම සිට්‍රිසින් එකක් ගත්තා නම් ගොඩම තමයි.ඒත් කියනවා නේද ඒවා ඇඟෙන් යන්නත් ඕන කියලා.අනේ මන්දා බන්..
    ඔයාගේ බ්ලොග් එක නම් සිරා මචන්..!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

හදවත සහ උණ්ඩුකපුච්ඡය - Appendicitis vs heartattack

ආදරය...

ලෙඩ වීම