මැරෙන්නේ කොහොමෙයි?


පිළිකාවකින් මනුස්සයෙක් මැරෙන්නේ කොහොමද?
මේක මට ඒ දවස් වල තිබිච්ච ප්‍රශ්නයක්. හැමෝම වගේ මාත් දැනං හිටියට මිනිස්සු මැරෙනව පිළිකා වලින් කියල මැරෙන විදිය දැනං හිටියේ නෑ.

අන්තිමට මං මේක අපේ අධිකරණ වෛද්‍ය ඇඳුරෙක්ට යැවුව.
ඒත් මට උත්තරයක් එවල තිබ්බේ නෑ.
ඊට අවුරුදු ගානකට පස්සේ අද මං ඒකට උත්තරේ දන්නවද?
ඔව්/නෑ දෙකම වගේ.
ටිකක් දන්නව.
ඒක උගන්නල නෙවේ, එක එක තැන්වල ඉගෙනගත් කෑලි  එක්තැන් කරල.
කෙලින්ම පිලිකාව නිසා මැරෙන එක බොහොම අඩුයි.
ඒවගේ ඒව මතක් වෙන්නෙත් නෑ.
මොලේ  පිළිකා වලින් නං මොලේ ඇතුලේ පීඩනය වැඩි වෙලා හුස්ම ගන්ට අවශ්‍ය ස්නායු  මූලස්ථාන අක්‍රීය වෙන්ට පුළුවන්. නැත්තං අපස්මාරේ නිසා.
වෙන තැං වල පිළිකා  හැමතැනම පැතිරිල ශරීරය දුර්වල වෙලා කෙට්ටු වෙලා මියැදෙනව. සමහර ඒවගෙං ලේ කැටි හැදිල පෙනහළු වල නහර වල හිරවෙලා මියැදෙනව.
ඇගේ ලේ නැතුව,අයන සාන්ද්‍රණ ගැටලු නිසත්  මැරෙන්ට වෙන්ට පුළුවන්.
මේ මතක් වුන ක්‍රම ටිකක්.
විස්තර මේකෙ රාමුවෙන් පිටතයි.
මේ පිලිකා විතරයි.  ඉතින් කොහොම කොයි විදියට හිටියත් අපි මැරෙන්ට පුළුවන් වෙන ඕන කරමේකින්.
එක අතකට ඒ අය දන්නව ලඟදි මැරෙයි කියල. ඇක්සිඩන්ට් වෙන අය, හෘදයාබාධ, මේ වගේ හදිසි මරණ ගොඩයි.
මේ ටික ලියන්ට හිතුනේ,
How we die කියන පොත කියවං යනකොටයි.

Comments

  1. හරි හරි මටත් තිබුන ප්‍රශ්නයකට උත්තරේ හමිබවුනා .......

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

හදවත සහ උණ්ඩුකපුච්ඡය - Appendicitis vs heartattack

ආදරය...

සීයා යකා ගහල මැරුණා....