පොත් කියවිල්ල



වෙදකම ඉගෙනගන්න කාලේ එක්තරා ගුරුවරයෙක් කියපු කතාවක් තිබ්බා.

"Usually IQ of a average medical student is higher,......
They are usually nerds. They love book big books. When they see a big book they feel like hugging it and cuddling like a baby"

ඒ කියන්නේ තඩි පොත් වලට තියන කෑදරකම ආදරණීය මානසිකත්වය වෙද්දු අතර සුලබයි කියන එකයි. මේක හැමවිටම සත්‍ය නෑ.
මේ කතාව අහපුවම මට හිතුනේ මට නම් ඒක ඇත්ත කියල.

අත්‍යවශ්‍යම නැතත් ඊළඟ මට්ටමේ තඩි පොතක් හරි තියන ලොකුම පොතක් හොයන් බලන එක මාර ගති. ඒක මතක හිටියේ නැතත් හිතට හොඳ ගැම්මක් එනවා.
මං හිතන්නේ තඩි පොත් වල විස්තර වැඩි නිසා හොඳට තේරෙනවා, ඒක හින්දා ඒක කියවගන්ට පුළුවන් සාමාන්‍ය මනුස්සයෙක්ට හොඳට ඉගෙනගන්න පුළුවන් වෙන්ට ඉඩක් තියනවා. කොහොමවුනත් ඇත්තටම මේ වගේ පොතක් ඔලුවට තියන් තව එකක් බදාගෙන වගේ පුස්තකාලේ නිදාගන්ට පුළුවන් සයිස් පොත්.
කොහොමවුනත් තඩි පොත් හැමවිටම ඕනෑ වෙන්නේ නෑ.

මේ තියන්නේ ඒ දවස් වල මං කියවපු(උත්සහ කරපු) තඩි පොත් ටිකක්.






පොඩිකාලේ අතට අහුවෙන එකක් කියෙව්වට පස්සේ නවකතා කියවිල්ල වැඩක් නෑ වගේ තේරුණ නිසා ඒක අතෑරලා දැම්මා. ටිකක් වැඩක් ඇති මොනවහරි දෙයක් ඉගෙනගන්ට පුළුවන් පොත් කියෙව්වා.
සෑහෙන දවසකින් වෙද නොවන අලුත් පොතක් කියෙව්වේ නැති නිසා පොතක් හොයන්ට ගූගල් කරද්දී හම්බුනා සුද්දෙක්ගේ ලිපියක්.
මිනිහටත් අපිට තිබිච්ච ප්‍රශ්නම තිබිල වැඩ වැඩි නිසා වේද නොවන පොත් කියවිල්ල අඩු වෙලා ගියාලු. කොහොමහරි සුද්දයි මායි කියවල තියන පොත් සමහරක් එකවගේ.
මට මතක නෑ මං ඒවා කියෙව්වේ ඇයි කියල, සමහරවිට වෙන සුද්දෙක්ගේ කීම අහල වෙන්ට ඇති.

කොහොමහරි මට හිතුන ලඟදි කියවපු මේ  පොත් ටිකක් දාන්ට,
වෙද නොවන කෙනෙක්ටත් මේ පොත් සිත ඇදගන්නාසුළු වෙයි.
මං පුළුවන් නම් මේ පොත් ඔක්කොම පරිවර්තනේ කරනවා. ඒත් එක වෙන්නේ නැති වෙයි. ඉතිං කියවල බලන්ට.

1. The Hidden Life of Trees: What They Feel, How They Communicate

2. Who moved my cheese

3. The Man Who Mistook His Wife for a Hat and Other Clinical Tales

4. The Invisible Gorilla

Comments

Popular posts from this blog

හදවත සහ උණ්ඩුකපුච්ඡය - Appendicitis vs heartattack

ආදරය...

සීයා යකා ගහල මැරුණා....