කොරහේ කිඹුල්ලු දැකීම - Medical Student Syndrome
Armand Trousseau |
රෝගයක් විනිශ්චය කරන්ට නැත්තං Diagnosis කරන්ට ලෙඩ්ඩු කියන කතාව ගොඩක් වැදගත් වෙනව. ලෙඩා කියන ප්‍රශ්න වලට Symptoms කියනව අපි පරික්ෂා කරාම හම්බෙන රෝග ලක්ෂණ වලට signs කියනව.
ඒ කාලේ සුද්දන්ට පුදුමාකාර ලෙඩක් තිබිල තියනව ඒක එක ඒවට තමංගේ නම දාගන්ට. ඇත්තටම සමහර එව ඒ මිනිස්සු මියගියාට පස්සේ ගෞරවේට දාපුවා, ඒත් ගුද මාර්ගයේ තියන කොටස් වලට, ලිංගික අවයව වල කොටස් වලටත් සුද්දන්ගේ නම් තියනව. ඒක මහ විහිළුවක් ඒත් ඒක තාමත් සිද්ද වෙනව, ඒත් නැත්තටම නෑ වගේ. දැන් අවයව වල කොටස් වලට නං ඒ නම්කෑලි නැති විද්‍යාත්මක නම තමයි පාවිච්චිය වැඩි.
ඒත් රෝග ලක්ෂණ වලට නං තවමත් ඒව සුලබව පාවිච්චි වෙනව.
මේව වෙලාවකට වැඩක් නෑ විභාග වලට හැර. වෙලාවකට ඒක කරදරයක්.
උදාහරණයක් කීවොත් හෘද කපාටයක එක ලෙඩකට ඔය වගේ නං දාපු රෝග ලක්ෂණ 10 කටත් වඩා තියනව.
මේව කරදර වුනාට මං ඉගෙනගන්න කාලේ ඒව වටේ කියවිල්ල, ඒව හොයාගත්ත අය ගැන කියවිල්ල කම්මැලිකමට හොඳ වැඩක් වුනා.
රෝග ලක්ෂණ තුනේ, පහේ වගේ ගොනු වශයෙනුත් සමහර දේවලට තියනව.
මේවත් මතක තියාගන්ට ලේසි කරන දේවල්.

මේ ඔක්කොම කියන්ට හිතුනේ මගෙම කකුලේ තිබිච්ච පැල්ලමක් දැකල.
ඒ වගේ රෝග ලක්ෂණයක් තියනව ඒක එන්නේ පිළිකා වලටයි. ඒකේ නම Trousseau sign.
වෙනස්ම දේ වුනේ මේක හොයාගත්ත Trousseau ඒක තමන්ගෙන්ම හොයාගත්ත එකයි. පස්සේ ඔහු ආමාශයේ පිලිකාවකින්ම මිය ගියාලු.

ඉතින් මාතෘකාවට මේක සම්බන්ධ වෙන්නේ කොහොම ද?
වෛද්‍ය ශිෂ්‍යයෝ අලුතින්ම ලෙඩ ගැන ඉගෙනගද්දී පලපුරුද්ද අඩුකම නිසා තමන්ගෙම එක එක සාමාන්‍ය දේවල් රෝග කියල හිතනව.
ඒකට තමා Medical student syndrome කියන්නේ. සමහරු ඒකට 3rd year syndrome කියනව මොකද සායනික පුහුණුව පටන්ගන්නේ තුන වසරේදි නිසා.
මට මතක හැටියට මාත් ඒ කාලේ ලෙඩ කීපයක් හොයාගත්තා. ඒත් මහ ලොකු ඒව නෙවේ. ඉතින් බලං ඛියාම ඒකත් කොරහේ කිඹුල්ලු දැකීමක තමා.
ඒත් පස්සේ මේක අඩුවෙලා යනව.
වෛද්‍ය වරු වුනාට පස්සේ ගොඩක් අය ලෙඩ හැදුනත් ඒව නොසලකා හරිනව. මං ඊයේ පෙරේදත් ඒ වගේ දෙයක් කරා. මං කලින් ලිපියක කියපු පිළිකාවක් හැදුන වෛද්‍ය වරයත් හොදටම පැහැදිලි රෝග ලක්ෂණ තියද්දිත් මාස ගානක් බලං ඉදල.
ඒක මොනව නිසා වෙනවද කියල මං දන්නේ නෑ.
සමහර විට කාර්යබහුලකම නිසා නැත්තං තරුණ අතට නැත්තං තමන්ටත් ලෙඩ හැදෙන්ට පුලුවන් වග අමතක වෙන නිසා වෙන්ටැති.
ඒත් ඒ වැරැදද ජීවීතේටම බලපාන්ට පුලුවන් බව Paul Kalanithi ගේ ජීවිත කතාවෙන් පේනව.

Photo: wikipaedia.
Comments
Post a Comment